පාලක පන්තියට අවශ්යව ඇත්තේ ජනතාවගේ දේශපාලන ක්රියාකාරකම් ත්රස්තවාදය ලෙස නම් කර මර්දනය කිරීමට බවත්;
දැනට නැගෙමින් එන ජනතා ප්රතිවිරෝධයට මුහුණ දීම සඳහා පවතින නීති සහ රාජ්ය මර්දන උපකරණ ප්රමාණවත් නොවන බැවින්, රාජ්ය ත්රස්තවාදය නීතිගත කිරීමේ අරමුණින් රජය විසින් "ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) ගෙන එන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේය.
ඔක්තෝබර් 06 වන දින ගැසට් කර, ඊයේ (20) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" යනු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මුවාවෙන් ජනතාවගේ සංවිධානාත්මක ක්රියාකාරීත්වයන් මැඬලීම සඳහා ගෙන එන පනතක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා රජය ජාත්යන්තරයට පොරොන්දු වී ඇති බවත්, මෙම පනත සාධාරණීකරණය කිරීමට නොහැකි බව රජය බොහොම පැහැදිලිව පිළිගෙන ඇති බවත්, එසේ වුව ද නව පනත යටතේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජූනි 26 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ, වධහිංසා පැමිණවීම පිටුදැකීම සහ වින්දිතයන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ජාත්යන්තර දිනය (International Day in Support of Victims of Torture) ලෙසිනි.
උතුරෙහි ජාතික ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසදුමකට එළඹෙන්නට තරම් දෙපාර්ශවයට ම අවශ්යතාවක් නොමැති හෙයින්, පාලක පක්ෂය වෙත උතුරෙන් එල්ල වන අභියෝග වැළැක්වීම සඳහා භාවිත කරන ආයුධයක් ලෙස ත්රස්ත මර්දන පනත (PTA) හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

