උතුරෙහි ජාතික ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසදුමකට එළඹෙන්නට තරම් දෙපාර්ශවයට ම අවශ්‍යතාවක් නොමැති හෙයින්, පාලක පක්ෂය වෙත උතුරෙන් එල්ල වන අභියෝග වැළැක්වීම සඳහා භාවිත කරන ආයුධයක් ලෙස ත්‍රස්ත මර්දන පනත (PTA) හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් Ideas front youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පවතින ත්‍රස්ත මර්දන පනත (PTA) කිසියම් පුද්ගලයකු ගේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ නම් හෝ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට පටහැනි වන්නේ නම් එම තත්ත්වය ඉතා බරපතළ ගැටලු මතු කරන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
