#sajthpremadasa

  • සජබය සමඟ කපුකමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

    සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇතැයි එම පක්ෂය අද (16) මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියි.

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා   ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය අද දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් යළිත් අවධාරණය කර ඇත.


     Screenshot 2025 10 16 111147
    සජබ යෝජනාවට ප්‍රතිචාරයක්

    එක්සත් ජාතික පක්ෂය මෙසේ ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් පත්කළ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවට ප්‍රතිචාරයක් ලෙසය.

    කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ සාමාජිකයන් වන බව  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගියදා ප්‍රකාශකර තිබිණ.

    එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයකි.

    එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබිණ.

    සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක  වැඩිදුරටත් පවසයි.

  • සජිත් ගේ දේශපාලන සතිය - ඉන්දීය නියෝජිතයින් වෙතින් සජිත්ට පැසසුම්

    අපි රටක් විදිහට බරපතළ අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසා ය. තෙල්, ගෑස්, කිරිපිටි, විදුලි, එකී, මෙකී, නොකී සියලු දේම දිනපතා ඉහළ නගිමින් ඇත්තේ ආර්ථික ගිනි කන්ද යළිත් පුපුරන්නට ආසන්න වී ඇති නිසා ය. 

  • සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලති

    මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු  විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (07)  ලිඛිත ඉල්ලීමක් සිදු කළහ.

  • සජිත්ගේ දේශපාලන සතිය: නුවර මහේෂ්ට සජිත් දුන් හදිසි ඇමතුම

    නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලා අදාළ අංශ දැනුවත් කරන ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කරන්නට සජිත් මේ සතියේ කටයුතු කළේ ය.

  • සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙන්නෙ සත්ජාතිකත්වය යි - සජිත් ප්‍රේමදාස

    අද වන විට ජාතික වශයෙන් උද්ගත වී ඇති ප්‍රධාන ගැටලු තුළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වූයේ සත්ජාතිකත්වය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

Page 2 of 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න