#sajthpremadasa

  • අද සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට භීෂණය රජ වෙලා - සජිත් ප්‍රේමදාස

    අද වන විට සමාජයේ: භීෂණය රජ වී, පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • නාමල් ගේ ලියුම වැඩ කරයි; සජිත් විපක්ෂය කැඳවයි

    පසුගිය දින කිහිපය පුරාම අගවිනිසුරුවරයාට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකස් කර තිබිණි. නමුත් මෙහිදී විපක්ෂයෙන් හඬක් මුලින්ම නැගුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ය.

  • 80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    80 දශකය තෙක් මාධ්‍යවේදියා මෙන් ම මාධ්‍යය ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක පැවත, 83 ජූලි කලබලයෙන් ඉක්බිති ඇතැම් මාධ්‍ය ජාතිවාදයට නැඹුරුව, මින් විසිපස් වසරකට පෙර මාධ්‍යවේදියා සහ මාධ්‍ය අවප්‍රමාණයට ලක් වූ බවත් එම විසිපස්වසරින් ඉකිබිති කවුරුන් හෝ මාධ්‍යවේදියා ගේ හෝ මාධ්‍යයේ සමාජ විද්‍යාව සොයා ගන්නේ නම් එය, අපූරු සොයාගැනීමක් විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • IMF පදේට නටන්නේ නැතිව රටේ කර්මාන්තශාලා හා ව්‍යාපාර රැකගන්න වැඩපිළිවෙළක් යොදන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්න ද ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුදය දක්වා අර්බුද රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMG කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

  • අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ ද අති වැදගත් අංගයක් වී ඇති බවත්, අභියෝග දුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

  • එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි - මහේෂ් සේනානායක (වීඩියෝ)

    එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.

  • එල්නීනෝ තත්ත්වයට මුහුණ දෙන්න කඩිනම් කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ජල සම්පාදන මණ්ඩලයේ සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්න - සජිත් රජයෙන් ඉල්ලයි

    ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කම්කරු තනතුරේ සිට රසායනාගාර සහකාර තනතුර දක්වා මෑන් පවර් සේවකයන් 2000ක් වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා ඇති බැවින් මේ අය වසර 25 දක්වා විශාල කාලයක් තුළ සේවයේ නියැළී ඇති, විවිධ දක්ෂතා ඇති මේ සියලු දෙනා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක, ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක, දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත්

  • දින ගණනාවක් පුරා රටේ ගෑස් හිඟයි; කඩිනමින් විසඳුමක් ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    දින ගණනාවක් පුරා ගෑස් හිඟයක් පවතින බැවින් පාරිභෝගිකයා අසරණ වී, ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත්, ගෑස් හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම රජය පිළිබඳ බරපතළ අප්‍රසාදයක් ඇති කරන සිදුවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතළ තත්ත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • මතභේදයට තුඩු දුන් හයේ ඉංග්‍රීසි මොඩියුලයේ පාඩම ඉවත් කරන්න අනුමැතිය

    මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
  • මේ අයවැය ජනතා අරමුදල් සූරා කෑ අයවැයක් - සජිත් ප්‍රේමදාස

    ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින එයට එයට විරුද්ධ වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • රජයේ වගකීම සහ වගවීම වන්නේ යුදමය තත්ත්වය පිළිබඳ පූර්ව සූදානම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මේ වන විට බරපතළ අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත්, එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුදමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ව්‍යවස්ථා සභාව රැක ගැනීම විපක්ෂ නායකවරයා ගේ අතේ - උදය ගම්මන්පිල

    ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ සේවාව තව දුරටත් ලබා ගැනීමට නම් විපක්ෂ නායක කළ යුත්තේ අගමැතිනිය ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීම යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • ව්‍යසනයෙන් ගොඩ එන්න සජිත්ගෙන් යෝජනා මල්ලක්

    සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත්, තව දින ලබා ගෙන විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන නව අයවැයක් සකස් කිරීම සුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • විදුලි කප්පාදුවක අවදානම ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

    රටේ කිසිදු අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළ ද, මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කරගනිමින් බරපතල ජාතික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

  • සජබ නායකත්වයෙන් වැඩ වේ නම් එකතු වෙනවා - සජිත් ප්‍රේමදාස

    සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

    එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.

    එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද  සජිත් ප්‍රේමදාස පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.

    ''ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ආණ්ඩුවට අභියෝග කළේය.

     

  • සජබය සමඟ කපුකමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

    සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇතැයි එම පක්ෂය අද (16) මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියි.

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා   ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය අද දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් යළිත් අවධාරණය කර ඇත.


     Screenshot 2025 10 16 111147
    සජබ යෝජනාවට ප්‍රතිචාරයක්

    එක්සත් ජාතික පක්ෂය මෙසේ ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් පත්කළ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවට ප්‍රතිචාරයක් ලෙසය.

    කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ සාමාජිකයන් වන බව  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගියදා ප්‍රකාශකර තිබිණ.

    එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයකි.

    එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබිණ.

    සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක  වැඩිදුරටත් පවසයි.

  • සජිත් ගේ දේශපාලන සතිය - ඉන්දීය නියෝජිතයින් වෙතින් සජිත්ට පැසසුම්

    අපි රටක් විදිහට බරපතළ අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසා ය. තෙල්, ගෑස්, කිරිපිටි, විදුලි, එකී, මෙකී, නොකී සියලු දේම දිනපතා ඉහළ නගිමින් ඇත්තේ ආර්ථික ගිනි කන්ද යළිත් පුපුරන්නට ආසන්න වී ඇති නිසා ය. 

Page 1 of 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න