ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්න ද ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුදය දක්වා අර්බුද රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMG කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී ය.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
කර්මාන්තශාලා අප රට අතහැර යයි ද...?
''ඊට අමතරව පාරාටේ නීතිය තාවකාලිකව නතර කළත් මේ කාලයේ ණය බරින් පිරුණු ව්‍යාපාරිකයන්ට සහන ලැබෙන්නෙ නැහැ. අවම වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවුණු නිසා බරපතළ අගතියකට ලක්වෙලා. අප රටේ අපනයන කෙන්ද්‍රීය කර්මාන්තශාලා වසා ඒවා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාපිත වෙන නිසා ආන්ද්‍ර ඔඩිසා වැනි ප්‍රාන්තවල කර්මාන්තකරුවන්ට Industrial Park පවා ඇතිවනවා. මෙරට කර්මාන්තශාලා රැසක් මෙසේ ඉන්දියාවට යාම නිසා විශාල හානියක් අප රටට වන නිසා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය රැක ගන්න ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගන්න IMF එක කියන කියන පදයට නටන්නේ නැතිව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවන්නේ නම් කර්මාන්තශාලා අප රට අතහැර යා හැකි යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
