Language Switcher

V2025

දේශගුණ විපර්‍යාස හේතුවෙන් : යුරෝපය ගිනි අරගෙන !

මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා ලෝකය පුරා දේශගුණික විපර්යාස වලට අද වන විට මානව සංහතියට මෙන්ම සත්ව සන්තතිය ට මුහුණ දීමට සිදුවී ඇත.

 මානවයාගේ අධි පරිභෝජනවාදය  වසර දෙසිය හතක් තුළ  ඉතාම වේගයෙන් ඉහළ ගොස් ඇති අතර කර්මාන්ත විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා පමණක් නොව එම නිෂ්පාදන මිලදී ගන්නා මිනිසුන් ද නිර්මාණය කරමින් පවතී.

මූලික අවශ්‍යතා සපුරා සපුරා ගැනීම වෙනුවට අධි පරිභෝජනවාදය විසින් ලෝකයට එල්ල කළ ඇති තර්ජන වලින් එකක් ලෙස දේශගුණික විපර්යාස හැදින්විය හැකිය.   ඉතාමත් සෞම්‍ය රටවල් ලෙස පෙරදී හැඳින්වූ යුරෝපය අද දවස වන විට ගිනි ගනිමින් පවතී .

 උතුරු යුරෝපයේ සිට නැගෙනහිර යුරෝපය දක්වා ජූලි මාසයේ ආරම්භව ඉතාමත් උණුසුම් සුළං  ලබමින් පවතින අතර ග්‍රීස්ම සෘතුවේදී එය දරා ගැනීමට ඇති උණුසුම් තත්ත්වයක් බවට පත්ව ඇත. 2022 ජුලි විසිදෙවන දින  ලෝක ඉතිහාසය එංගලන්තයේ වාර්තා වී ඇති වැඩිම  උෂ්ණත්වය වාර්තා විය. 

 එය මානව ඉතිහාසය යුරෝපීය ජනතාව කළඹන සිදුවීමක් වූ අතර එංගලන්ත රජය සියලුම පාසල් හා ආයතන මේ වන විට වසා දමා ඇත. එංගලන්තයේ නිවාස සහ අනිකුත් ගොඩනැගිලි සාදා ඇත්තේ අධික සීතලට ඔරොත්තු දීමට හැකිවන අයුරිනි . නමුත් පසුගියදා පසුගිය දා වාර්තා වූ සෙල්සියස් අංශක 40. 2  ඔවුන් කිසි දිනක මුහුණ දී ඇති උෂ්ණත්වයක් වූ අතර තවදුරටත් එය.  අධික උණුසුමක් නිවාස වල පවතින අතර  ජනතාව ගංගා හා වනාන්තර තුළ කල්ගත කිරීමට පටන්ගෙන ඇත. නමුත් එංගලන්ත රජයට බෙබා ප්‍රශ්නය විසඳීම දායක විය නොහැක.  ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ 2022.07. 23 දින  සෙල්සියස් අංශක 42  වාර්තා කළ බව euro news වෙබ් අඩවිය පවසා සිටී.                                                                        

සුවිස්ටර්ලන්තය වැඩිම උෂ්ණත්වයක් 21.07.2022 වාර්තා වුඅතර දකුණු පංශය හා ස්පාඤ්ඤය  තුළ ගිනිගෙන දැවෙන දේශගුණයක  මේ වෙනවිට පවතී.      1887 පසු  2022.07. 18   අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සෙල්සියස් අංශක 33 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වූ අතර, ස්පාඤ්ඤයේ අගමැති වූ  pedro sanchez " දේශගුණික විපර්යාස මරණය" ලෙස මෙම තත්ත්වය හඳුන්වා ඇති අතර  මෙම තත්ත්වය විසින් අපගේ ජනතාව,පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය මරණයට පත් කරනු ඇති බව අනතුරු ඇඟවීමක් කර ඇත.     

  දේශගුණික විපර්යාස හරහා ලෝකයේ ජෛව විවිධත්වයට බරපතළ ගැටලුවක් මේ වන විට ඇති කරමින් ඇත. පැරිස් එකඟතාවයට අනුව සෑම සෙල්සියස් අංශක දෙකක උෂ්ණත්වය වැඩිවීම කින් ලෝකයේ ජීවය විශේෂ දහයෙන් එකක් සෑම විටම වඳ වීමේ තර්ජනයට ලක්ව ඇත. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය උණුසුම් වීම සහ අයිස් කෙටි දියවීම හේතුවෙන් හිම වලසුන් වඳ වීමේ තර්ජනයට මෙන්ම ඔවුන්ගේ වාසස්ථාන ආහාර නිජබිම් අහිමි වීමට පටන්ගෙන ඇත. 

2021 වසරේ දෙසැම්බර් මස ඉහළ ඇල්ප්ස් කඳු මුදුන්වල ප්‍රියාන් del මුස්සා  වැනි ප්‍රදේශවලට හිම  පතිත වූයේ එක් වතාවක් පමණි.  මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන සත්ව විශේෂ දැඩි අවදානමකට පත්ව ඇති අතර සීත ඍතුවේ පවා විටින් විට එන වැඩි උෂ්ණත්වය නිසා Hibernation  තත්ත්වයක සිටින සතුන්  අවදි වීමට පටන් ගත් අතර ඔවුන්ගේ චර්යාවන් වල විශාල වෙනස්කම් දක්නට ලැබේ.         

මේ අතර යුරෝපය පුරා ඇතිවන දේශගුණික විපර්යාස වල බලපෑම නැවැත්වීම උදෙසා  යුරෝපා සංගමය විසින් European Green Deal (යුරෝපීය හරිත ගනුදෙනුව)  නම් එකගතාවය 2020 අවුරුද්දේ දී සම්මත කර ගන්නා ලදී. 2030 වසර වන විට යුරෝපය විසින් වායුගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය 50% කින් අඩු කර ගැනීමට මෙයින් උත්සාහ දරන අතර එයට අදාළ ආර්ථිකයක් සකස් කිරීමටද යුරෝපයේ මේ වන විට උත්සාහ දරමින් ඇත.   මෙය ඉතාමත් හොඳ තත්ත්වයකි ඒ මන්ද යත් වසර 207 ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයට මෙම ඉරණම අත් පත් කර දුන්නේ යුරෝපය හා ඇමරිකාව ඇතුළු රටවල් ය . මෑත කාලීනව චීනය සහ ඉන්දියාව ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙමින් ඇත. 

 වසර දෙසීයකට පසු ව හෝ මේ තත්ත්වය තත්ත්වය අවබෝධ කරගෙන  අධිපරිභෝජනවාදයෙන් ම්දිමෙ  යුරෝපීය හරිත ගනුදෙනුව නම් එකගතාවය යුරෝපය පුරා ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වන අතර එය යුරෝපයේ යුරෝපයෙන් ආරම්භ වී ලෝකය පුරා ඇතිවිය යුතු එකඟතාවයකි.  මානව හා සත්ත්ව සංහතිය තම වර්ගයාගේ පැවැත්ම  තීරණය කරගන්නා අවස්ථාවක් ලෙස   දේශගුණික විපර්යාස හැඳින්විය හැකි .   වසර 100 කින් හෝ දේශගුණික විපර්යාස අවම කර ගැනීම උදෙසා ඇති එකම විකල්පය අධිපරිභෝජනවාදයෙන් මානව  සංහතිය මිදී යාම. 

නමුත් එහිදී එම ප්‍රධාන ගැටළුව නම්  මහාපරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර හකුලා ගැනීමට  ඒ එය එය රාජ්‍යන්ට බල කළ යුතු අතර ඒ  සදහා එම රාජ්‍යයන් එකඟ විය යුතුය.   එසේ නොවුණහොත් සොබාදහම විසින් නිර්මාණය කරන මෙම ගැටළුවට මානව සංහතියට මුහුණ දීමට නොහැකි වනු ඇත.

පරිසරවේදි : ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් 

ඡායාරූප  : දේශගුණික විපර්යාස අවම කර කර ගැනීම වෙනුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් බවට උම්බ්‍ර්‍රිරියා වනාන්තරය.  දකුණු ඉතාලියේ පුලියා ගම්මානය අසල පිහිටා ඇත.

295019929 1211134379687119 4304517556061009276 n

295059932 572208754608575 4983108349756017823 n

295180719 588145382683742 7937599269075095117 n