වට්ස්ඇප් : මිනිත්තු 15 ක් ඇතුළත මැසේජ් එඩිට් කරන්න ඉඩ !

වට්ස්ඇප් : මිනිත්තු 15 ක් ඇතුළත මැසේජ් එඩිට් කරන්න ඉඩ !

ටෙලිග්‍රෑම් සහ සිග්නල් වැනි සිය තරගකරුවන් විසින් පිරිනමනු ලබන විශේෂාංගයකට සමගාමී පියවරක් ලෙස තම පරිශීලකයින්ට ද පණිවිඩ සංස්කරණය කිරීමට ඉඩදෙන බව වට්ස්ඇප් පවසයි.

ඒ අනුව පණිවිඩ යැවීමෙන් පසු විනාඩි 15 ක් දක්වා කාලය තුලදී එය සංස්කරණය කළ හැකිය.

වට්ස්ඇප් ක්ෂණික පණිවිඩ සේවාව, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ද හිමි එක්සත් ජනපදයේ තාක්‍ෂණ දැවැන්තයෙකු වන මෙටා සමාගමේ හි කොටස්කරුවෙකු වේ.

මෙම විශේෂාංගය ඉදිරි සතිවලදී බිලියන 2ක වට්ස්ඇප් පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත. ඔවුන්ගේ විශාලතම වෙළඳපොල ලෙස ඉන්දියාව සලකනු ලබන අතර එරට සිටින සමස්ත පරිශිලකන් සංඛ්‍යාව මිලියන 487 ක් වෙයි.

"වැරදි අක්ෂර වින්‍යාසයක් සරලව නිවැරදි කිරීමේ සිට පණිවිඩයකට අමතර කරුණු එක් කිරීමක් දක්වා, ඔබේ චැට් වල වැඩි පාලනයක් ඔබට ලබාදීමට අපි නොඉවසිල්ලෙන් පසුවෙමු" පණිවිඩ සේවාව සඳුදා බ්ලොග් සටහනක් තබමින් පැවසිය.

"මිනිත්තු 15ක කාලයක් ඇතුලත දී ඔබට අවශ්‍ය; යවන ලද පණිවිඩය මත දිගු වේලාවක් ඇඟිල්ලෙන් තද කර ගෙන සිට( long-press) එහි මෙනුවෙන් 'Edit' තෝරා ගැනීම පමණයි ඔබ කළයුතු වන්නේ," එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

සංස්කරණය කරන ලද පණිවිඩ 'edited' ලෙස පෙන්නුම් කරනු ලබන අතර, එමඟින් පණිවිඩයේ අන්තර්ගතය වෙනස් කර ඇති බව එම පණිවිඩය ලබන අය දැනුවත් වනු ඇත.

කෙසේ වෙතත්, පණිවිඩය වෙනස් කර ඇත්තේ කෙසේදැයි යන්න ඔවුන්ට පෙන්වන්නේ නැත.

sms edit

වට්ස්ඇප් විසින් මේ පිළිබඳව නිවේදනය කරනු ලැබුවේ පණිවුඩ හුවමාරු සේවාවන් වන ටෙලිග්‍රෑම් සහ සිග්නල් විසින් මෙම විශේෂාංගය පිරිනැමීමෙන් අනතුරුවය.

සංස්කරණ පහසුකම ෆේස්බුක් විසින් හඳුන්වා දෙනු ලැබුවේ මීට දශකයකට පමණ ඉහත දීය.

එම කාලය තුළදී, ෆේස්බුක් විසින් හෙළිදරව් කරන ලද්දේ එහි පරිශීලකයින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන වලින් වෙබ් අඩවියට පිවිස ඇති බවත් එහිදී ටයිප් කිරීමේ දෝෂ වලට ලක්වන බවත් ය.

යාවත්කාලීන කිරීමෙන් පසු ෆේස්බුක් හි එය සංස්කරණය කළ ලෙස සලකුණු කර ඇත. සංස්කරණය කරන ලද පණිවුඩ වල ඉතිහාසය පරිශීලකයින්ට බැලීමට ද හැකියාව තිබේ.

ඊලෝන් මස්ක් හිම්කාරිත්වය දරන සමාජ මාධ්‍ය වේදිකාව වන ට්විටර් පසුගිය වසරේදී ප්‍රකාශ කළේ එය මුදල් ගෙවන ග්‍රාහකයින් හට ඔවුන්ගේ ට්වීට් සංස්කරණය කිරීමේ හැකියාව ලබා දෙන බවයි.

ට්වීට් පළ කිරීමෙන් පසු මිනිත්තු 30ක් තුළ කිහිප වතාවක් සංස්කරණය කළ හැක.

" එමඟින් ට්වීට් කිරීමට වඩා පහසු බවක් සහ අවම ආතතියක් ඇති කරනු ඇත," යනුවෙන් ට්විටර් එකල බ්ලොග් සටහනක් තබමින් පවසා තිබුණි.

"තේරුමක් ඇති අයුරින් සංවාදයකට සහභාගී වීමට ඔබට හැකි විය යුතු අතර, එය විශාල අපහසුවකින් තොරව කළ හැකි ක්‍රමවේදයන් වෙනුවෙන් අපි දිගින් දිගටම වැඩ කරමින් සිටිමු " එහි වැඩි දුරටත් සඳහන්ව තිබුණි.

බීබීසී

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න