නේස්බි හමු වූ අවස්ථාවේ දී නොකී කතා

නේස්බි හමු වූ අවස්ථාවේ දී නොකී කතා

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් දේශන අවලංගු කිරීමත් සමග නාමල් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ හිත මිත්‍ර එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික,  ලංකාව පිළිබඳ එක්සත් රාජධානියේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ හිටපු නායක, මයිකල් මොරිස් බැරන් නේස්බි හමුවීම යි.

නාමල්  සහ ලිමිණි ඔහු හමුවූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී වීම විශේෂත්වයකි. නාමල්ගේ විහාහ මංගලෝත්සවයට පවා පැමිණ තිබූ ඔහු ලිමිණිගෙන් විමසා සිටියේ දරුවන්ගේ තොරතුරුයි. මෙහි දී ලිමිණි ද ඔවුන්ගේ දගකාරකම් සහ දක්ෂතා පිළිබඳවත් විස්තර පැවසීමට අමතක නොකළා ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳවත් නේස්බි තොරතුරු විමසා සිටියේ ය. මෙහි දී නාමල් මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක්ද  පෙන්වීය. අනතුරුව නේස්බි නාමල්ට හා ලිමිණිට තේ පැන් සංග්‍රහයක්ද පිළියෙළ කර තිබිණි. මේ තේ පැන් සංග්‍රහයට නේස්බි ගේ මන්ත්‍රී මිතුරන් පිරිසක්ද එක්වීය. දෙරට අතර ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමත්, ආයෝජන සහ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවත් නාමල් ඔවුන් සමග සාකච්ඡා කළේය. ඔවුන්, එල්ටීටීඊ  ඩයස්පෝරාව සිදුකළ බාධාකිරීම් නිසා දේශන නැවැත්වීමට සිදු වීම පිළිබඳව ඔවුන්ගේ බලවත් කනස්සල්ල ද පළ කළේ ය.

limini1

නාමල් ඉන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් හමුවීමටද අමතක කළේ නැත. නාමල් ලන්ඩන්වල සිටින බවට ආරංචිවූ බොහෝ දෙනකු නාමල්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් නාමල් මුණ ගැසීමට වෙලාවක්  වෙන්කරවා ගැනීමට කටයුතු කර තිබිණි. නාමල්ද හැකි ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද හමුවී ය.

නාමල් ලන්ඩනයේ හිරවෙයි

නාමල් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වූයේ මාර්තු පළමුවෙනි දා ය.නමුත් පෙබරවාරි 28 වන දින ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කළේ ය.israel

මේ ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් බොහොමයක් අවලංගුවිය. මෙහි දී නාමල් නැවත පැමිණීම සඳහා ආසන වෙන්කළ ගුවන් යානය ද අවලංගුවී තිබිණි. නාමල්ට කෙසේ හෝ ඉක්මනින්ම නැවත පැමිණීමට අවශ්‍ය කර තිබුණේ දිවයිනට පැමිණි පසු පක්ෂයේ රැස්වීම කිහිපයක් ඇමතීමට තිබූ නිසාවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු වූ බවට දැනගත් නාමල්ගේ හිතවතුන් බොහෝ දෙනෙකු ද නාමල්ගෙන් තොරතුරු විමසීමට ද අමතක කළේ නැත. අවසානයේ කෙසේ හෝ තුන්වෙනි දා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක ආසන වෙන් කරවා ගැනීමට හැකිවූයේ ඉතා අපහසුවෙනි. ලන්ඩනයේ එසේ ගෙවූ දින දෙකේදී ද ලන්ඩනයේ වෙසෙන නාමල් ලාංකිකයන් මුණ ගැසුණේ ය.

ලංකාවට ආපු ගමන් පාර්ලිමේන්තුවට ගිය නාමල්

නාමල්ට මාර්තු හතර වන දින සවස 3.30ට පාර්ලිමේන්තු කතාවක් පැවැත්වීමට ද තිබුණේය. නාමල් පස්වරු 2.30 පමණ වනවිට ගොඩ බැස්සේය. මෙහි දී වෙලාව බැලූ නාමල් කෙළින්ම පාර්ලිමේන්තුවට යෑමට පිටත් විය. මෙහි දී ජනාධිපතිවරයාගේ හුණ්ඩු කතාව දැක්වෙන  වීඩියෝවක් ඩී.වී චානක මන්ත්‍රීවරයා විසින් එවා තිබිණි. මෙහි විස්තර නාමල් ඩී.වී චානකගෙන් අසා දැන ගත් අතර ඉරාන නෞකාවකට ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වී තිබිණි. මෙහිදී නාමල්ට මේ සිදුවීම පිළිබඳව විශේෂඥ උපදෙස් ද ලැබී තිබිණි. නාමල් මෙහිදී ඉරාන නැව පිළිබඳව සහ ජනාධිපතිගෙ හුණ්ඩු කතාවට සැර උත්තරයක් ද දුන්නේය.

නාමල් කතාව අවසන් කර ඩී.වී චානක සමග ලොබියට එද්දී එතැන සිටියේ සජබ මන්ත්‍රීවරු පිරිසකි. ''ආ නාමල් මන්ත්‍රීතුමා හුණ්ඩුවේ කතාව දන්නවද...?'' යැයි එක් කටකාර මන්ත්‍රීවරයෙක් නාමල්ගෙන් ඇසුවේ ය. ''මොකද නැත්තෙ බහින කොට ම ආවෙ ඔය හුණ්ඩු කතාව,'' යැයි නාමල් පැවසීය. අම්මෝ හුණ්ඩු කතාව දැන් සෝෂල් මීඩියාවල වයිරල් වෙලා තවත් සජබ මන්ත්‍රීවරයකු පැවසී ය. ''අපි මේ ඉපදුණ රට අමාරුවෙන් ත්‍රස්තවාදීන් පරාජය කරලා දිනා ගත්ත රට එහෙම එකේ මේක හුණ්ඩුවක් කියන්න තරම් පහළ තත්වයකට ඒම ගැන මම කනගාටු වෙනවා,'' යැයි නාමල් රාජපක්ෂ පැවසීය. ''ඒකතමයි තාම ඉන්නෙ විපක්ෂෙ වගේ ජනාධිපති කියලත් අමතකයි,'' යැයි කියමින් නාමල් එතැනින් ඩී.වී සමග පිටව ගියේ ය.

නාමල් සමුද්‍ර ආරක්ෂණ විශේෂඥයින් ගේ හමුවක

නාමල් පාර්ලිමේන්තුවෙන් පිටව කෙළින් ම පැමිණියේ නිවසට ය. නාමල් දුටු සැණින් නාමල් ළඟට ඔහුගේ වැඩිමහලු පුත් කේසර  දුවගෙන ආවේය. ඉන් අනතුරුව කේසරත් සිය කනිටු පුතාවත් හුරතල් කළ නාමල් ඊළඟට කළේ සමුද්‍ර ආරක්ෂණ විශේෂඥයින්ගේ හමුවක් සංවිධානය කිරීම ය.

සමුද්‍ර ආරක්ෂණ විශේෂඥයින් නාමල්ගේ නිවසට පැමිණි අතර ඉරාන නෞකාවට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව කතා කළේ ය. මේ කතා බහට සූම් තාක්ෂණය භාවිතා කරමින් තවත් විශේෂඥයන් පිරිසක් ද සහභාගී වූ අතර මෙම සාකච්ඡාව පාන්දර දෙක තුන දක්වා ඇදී ගියේය.  මොවුන් සමුද්‍ර ආරක්ෂක වැඩපිළිවෙළ සහ එම විෂය පිළිබඳ පුළුල් විග්‍රහයක් නාමල්ට කළේ ය .

තවත් ඉරාන නෞකාවක් වරායට පැමිණීමට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු නාමල්ට ලැබී තිබිණි.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති බවට වාර්තා වන තවත් ඉරාන නෞකාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වහාම පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න