පොඩි එකාට වයස තවම අවුරුදු නවය යි; ඉන්නෙ හතරෙ පංතියෙ.
පංති බාර ගුරු තුමිය මාතෘකාවක් දීල රචනයක් ලියන්න කියල තියෙනවා. මාතෘකාව තමයි ''අපේ ජනාධිපතිතුමා.'' ඉතිං මේ තියෙන්නෙ ''අපේ ජනාධිපතිතුමා'' ගැන පොඩි එකා ලියපු රචනය.
1.ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවා..

2.රටේ ජනතාවට ලෝකේ තත්ත්වය පැහැදිලි කලා ..
3.ලංකාව මේ යුධ තත්වය යටතේ ඇමරිකාවේ පැත්තවත් ඉරානේ පැත්තවත් ගන්නේ නෑ කිව්වා..
4.අපේ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය කියලාත් පැහැදිලි කලා..
5.මැදපෙරදිග අර්බුදේ ගැනත් මතක් කරලා ඉන්ධන ගේන්න පුද්ගලික අංශේට බලපත්‍ර 5 ක් දෙනවා කිව්වා..
6.හැබැයි ඉතිං අර හිටපු පරණ උන් වගේ එතුමා කොමිස් ගහන්නේ නෑ පක්ෂ අරමුදලට කීයක් හරි බැරකරොත් මිසක්..
7.ඒ කරලා සල්ලිකාර යාළුවෝ බලලා ඔය බලපත්‍ර ටික උන්ට දුන්නාම උනුත් සතුටින් ජනාධිපතිතුමත් සතුටින්..
8.බලන්නකෝ ඉතිං ඒ සහයෝගීතාවය නේ..
9.ඊට පස්සේ ඊයේ උදේ කවුද රාජ්‍ය මාධ්‍ය කියලා තෝරන තරඟයක් තිබ්බා. ITN එකයි සිරසයි හරි හරියට ලෝකේ අනික් රටවල් වල වැඩිවුන තෙල් මිල ප්‍රතිශතේ එයාලාගේ පේජ් වල ගැහුවා..

10.බලන්නකෝ ඉතිං කසකාරයෝ ආපු අපූරුව..
11.හරියටම රෑ 12 වෙනකොට මඟුල් ඇතා වැඩම කරා..
12.තෙල් මිල වැඩිවුනා..
13.ඉතිහාසේ වැඩිම මිල වැඩිකිරීම.අපේ ජනාධිපතිතුමා කරන්නේම ඉතිහාසේ ලොකුම ඒවා පලවෙනි වතාවට.
14.දැන් තෙල් මිල වැඩිවීමේ ප්‍රතිශතයත් එක්ක අපි ඉන්නේ ලෝකේ තුන් වෙනි තැන...
15. අපි ඒ තරමට පෝසත් රටක් හැබැයි ඕව්වාට ඒක පුද්ගල ආදායම ඒම සුට්ටක්වත් අදාල නෑ හොඳේ.
16. බලන්න ඉතිං අපේ ජනාධිපතිතුමා බලශක්‌ති අර්බුධය කළමනාකරණය කරපු අපූරුව…
17. අපේ ජනාධිපතිතුමා කියන්නේම ගැම්මක් තමා..
18. දැන් ඉතිං ඊරිසියාකාරයෝ එව්වා මෙව්වා කියාගෙන එයි උන්ට කාලා ඉන්න බෑ අපේ ජනාධිපතිතුමා නිසි කලමනාකරණයෙන් රට දියුණු කරන අපුරුව දැක්කාම

