මෙය වසර කිපයකට පෙර වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ සිටියදී එතුමා පුවත් පතකට ලබා දුන් සම්මුඛ සාකඡ්ඡාවක් . මෙය අදටත් වලංගු කියමනක් වෙලා තිබීම කාලය විසින් හෝ ක්‍රමය විසින් සහල් ප්‍රශ්නය විසඳා නැති බවක් පෙන්නුම් කරයි .
කොන්දක් පවතින ආණ්ඩුවක්
නමුත් අපි දකිනවා පවතින සම්බා, කීරි සම්බා හිඟය මග අරවා ගන්න රජය ආනයනට අවසර දීලා තියෙනවා. එය ඉතා හොද තීරණයක්. වර්තමාන ආණ්ඩුව අවබෝධ කරගෙන සිටිනවා සමහර වෙළඳපළ හිඟවල ප්‍රශ්නවලට උත්තරය වෙළදපළ නිදහස් කිරීම කියලා. මෙයට අනේක විද චෝදනා එන්න පුළුවන් විපක්ෂය සහ විවිධ කණ්ඩායම්වල දැඩි බලපෑම් එන්න පුළුවන් “කිව්වෙ කොහොමද කරන්නේ කොහොම ද?” කියලා අහන්න පුළුවන්. නමුත් අතීතයේ ඔබ මොන කතා කිව්වත් වර්තමානයේ දී ප්‍රායෝගික තලයේ ඔබට නිවැරදි දිගුදුර තීරණ ගන්න කොන්දක් පවතින ආණ්ඩුවක් පැවතීම පැසසිය යුතු කරුණක්.
ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දෙනවා නම්...
යම් කිසි භාණ්ඩයක් හිඟවෙද්දි කරන්න ඔනේ මිල පාලන දාගෙන කඩවල් ගානේ මීඩියා සංදර්ශන වැටලීම් කර කර ඉන්න එකට වඩා ඉල්ලුම සැපයුම සමපාත කරන එකයි. රටේ වාසනාවට මේ ආණ්ඩුවේ යම් ප්‍රමාණයකට විද්‍යානුකූල තීන්දු තීරණ ගන්න බවක් පේනවනා. ඒවා ජනප්‍රිය නොවුනත් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. ඔබට අමතක වෙන්න බෑ අපි රටක් විදියට එක රැයෙන් කාබනික පොහොරවලට ගිහින් කරගත්ත විනාශය. මතක ඇති මීඩියා සංදර්ශණ හාල් කඩගානේ ගිහින් මිල පාලනයකරන්න හැදුවා. හමුදාවෙ ඩේටාබේස්වලින් හාල් හිඟයට පිළියම් හෙව්වා. මට මතකයි වත්මන් ජනාධිපතිතුමත් මේසෙට හයියෙන් ගහලා හාල් ප්‍රශ්නය විසදන්න උත්සහයක් ගත්තා. නමුත් දැන් යම් ප්‍රමාණයකට තේරුම් ගිහින් ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දෙනව නම් මිල නිකම්ම පාලනය වෙනවා කියලා. ඒකට මාධ්‍ය සංදර්ශනවත් නානාප්‍රකාර සාකඡ්චාත් අනවශ්‍යයි .
කුසගින්න වේල් කීයකට කල් දැමිය හැකි ද...?
එකම දේ ආණ්ඩුව හිටගන්න ඔනේ රටෙ ජනතාව පැත්තේ; පාරිභෝගික අපි පැත්තේ. අපිට සාධාරණ මිලට අඛණ්ඩව අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමිතියෙන් බාදාවකින් තොරව භාණ්ඩ හා සේවා ලබා දීම රජය ආණ්ඩුවක කාර්යයභාර්ය ඒ කියලා මැද්දට පැනලා බිස්නස් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ඉහළින් දුර දිග බලලා ක්‍රියාත්මක කරන්න ඕන වැඩපිළිවෙළක්.
දැන් අපට ආහාර අරබුදයකට මූණ දෙන්න සිද්ධ වෙනවා යුදමය තත්ත්ව නිසා. ක්‍රමයෙන් ලෝක වෙළඳපළ තුළ පොහොර සැපයුම අඩ පණ වීමත්, ඉල්ලුම ඉහළ යෑමත් නිසා මිල ඉහළ යමින් තියනවා. එක එක අයගේ බොරු කයිවාරුවලට නොරැවටී ''අපිට පුළුවන් රටට ම බත් දෙන්න , පිට රට පොහොර එපා මේවාවලින් බෝම්බයක් ගැහැව්වා වගේ ඵලදාව එනවා'' වගේ කතා කනකට නොගෙන වහ වහා අවශ්‍ය දත්ත රැස් කර තීන්දු තීරන ගැනීමට අවශ්‍ය ප්‍රාමාණික විද්වතුන් ගේ සහය ගත යුතුයි. තෙල් නැත්නම් අපිට ගමන් බිමන් කල් දැමුවෑකි, Work from home කරන්නත් පුළුවන්. නමුත් බඩ ගින්න වේල් කීයකට කල් දාන්න පුළුවන් ද පෝෂණ ඌනතා නිසා අනාගත පරපුර ඇදවැටෙන ආගාධයට කොච්චර මිලක් ගෙවන්න වේවි ද? ඒක නිසා අවශ්‍ය තීන්දු තීරණ පෙරහැර යන්න පෙර කසකරුවන්ගේ හඬ ඇහෙද්දිවත් ගතයුතු නොවේ ද?
v ආහාර මත පනවා ඇති පැරා තීරුබදු ඉවත් කළ යුතු යි.
v ආහාර ආනයන සීමා ලිහිල් කර බලපත්‍ර ක්‍රමය අහෝසි කල යුතු යි.
v පොහොර, කෘෂි යෙදවුම්, බීජ මත පනවා ඇති ආනයන බදු ඉවත් කළ යුතු යි.
v පොහොර ආනයනට විකල්ප රටවල් හෝ සැපයුම් සොයා ගතයුතු අතර මාස තුනකටවත් අවශ්‍ය තොග පවත්වාගැනීමට පෞද්ගලික අංශය සමග සම්බන්ධ වැඩපිළිවෙළක් සෑදිය යුතු යි.
v වගාකටයුතු සීමා කරන විවිධ ඉඩම් බලපත්‍ර ක්‍රම අහෝසි කර ඉඩමේ අයිතිය ගොවීන්ට ලබාදිය යුතු යි.
v අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගැනීම අවශ්‍ය වැඩපිළවෙළ සහ ආහාර කල්තබාගැනීමේ ක්‍රමවේදවලට ප්‍රවාහනය පහසුකිරීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු යි, මේවා රජයට තනිව ආයෝජනය කළ නොහැකි ය; අවශ්‍ය ආයෝජන කැඳවිය යුතු යි.
කෘෂි ඉඩම් වාරි යන ක්ෂේත්‍රවල දැවැන්ත පරිවර්තන දිගුකාලීන වශයෙන් සිදු කළ යුතු යි. අවම දැනට පවතනි තත්ත්වයට මුහුණ දීමට ඉහත සඳහන් කළ කරුණු ටිකවත් අපි වහ වහා කළ යුතුයි. ඒසේ නොකළ හොත් අපිට වැල් පාලම කඩාගැනීමට සිදුවනු ඇත.
වචන Janath perera
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
