Image

සර්වජන බලයේ අභියෝගය

සර්වජන බලයේ අභියෝගය

තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵලය පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙහාට ද ප්‍රබල කම්පනයක් එක් කළේය. නළු ජෝසප් විජේ ගේ අලුතින් පිහිටුවූ TVK පක්ෂය, ස්ටාලින් ගේ DMK සහ AIADMK යන ද්‍රවිඩ ද්විධිකාරය බිඳ දැමුවේ සියල්ල නොමිලේ දෙන බවට පොරොන්දු වෙමිනි. නොමිලේ ගෑස් සිලින්ඩර, නොමිලේ රත්තරන්, AI නගර... මැතිවරණ අල්ලස් නමැති මනඃකල්පිත භෝජන සංග්‍රහයක් ඔහු ජනතාව ඉදිරියේ තැබී ය. ජන්ද ව්‍යාපාරය, කොලිවුඩ් චිත්‍රපටයකි.

ඔහු තරුණ ඡන්දදායකයින් ගෙන් සියයට හැටක් දිනා ගත්තේය. මෙය ඔබට හුරුපුරුදු කතාවක් නේද?

අනුර කුමාර දිසානායක 2024 දී ජයග්‍රහණය කළේ ද හරියට ම මේ ආකාරයට ම ය. එම පොරොන්දු සම්පාදනය කර ඇත්තේ මැතිවරණ දිනීමට මිස රටවල් පාලනය කිරීමට නොවේ. සටන් පාඨ සහ සැබෑ විසඳුම් පටලවාගත් ආණ්ඩුවක් නිසා ශ්‍රී ලංකාව විනාශ වන අයුරු අපි අද සැබෑ ලෙසම අත්විඳිමින් සිටිමු. මිලියන 22ක ගේ සිහින අද මියැදී හමාර ය. නූපන් දරුවාට අයිතිවන්නේ, බංකොලොත් රටකි.

686037907 122269260524061979 2215364142097019694 n

විජේ ද, අනුර සේ, අනිවාර්යයෙන් ම අසාර්ථක වනු ඇත. එහි සූත්‍රය දැන් අපට කටපාඩම් ය. ඉර හඳ ලබාදෙන බවට පොරොන්දු වී බලය ලබා ගැනීම සහ පසුව පාලනය සඳහා අත්පොළසන් හඬට වඩා වැඩි යමක් අවශ්‍ය බව වටහා ගැනීමයි. නමුත් මෙය විජේ හෝ අනුර ගැන පමණක් නොව, අසාර්ථක ජනතාවාදීන් විසින් දේශපාලනය කෙරෙහි ඇති මහජන විශ්වාසය සහමුලින්ම විනාශ කළ පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ කතාවකි.

මෙය 'සර්වජන බලය' පිළිබඳ කතාවකි.

ශ්‍රී ලංකාවේ වඩාත් ම සංවිධානාත්මක විපක්ෂ දේශපාලන පක්ෂය මෙයයි. එය වඩාත් ම හඬ නගන පක්ෂය හෝ පැරණිතම පක්ෂය නොවිය හැක. නමුත් එය වඩාත්ම බැරෑරුම් පක්ෂය යි.

ආගම්, කුල, මල භේදවලින් තොරව දිනෙන් දින වර්ධනය වන ජාතිකවාදී ව්‍යාපාරයකි. ඔවුන් ශ්‍රී ලාංකීය ජාතිකවාදය විශ්වාස කරන්නේ ගෝත්‍රික අනන්‍යතාවක් ලෙස නොව, පොදු ඉරණමක් ලෙසය. අනෙක් සෑම පක්ෂයක් ම පාහේ විදේශීය බලවේග, ආනයනික ආර්ථික මූලධර්ම සහ ආධාරකරුවන් ගේ න්‍යාය පත්‍ර මත යැපෙද්දී, සර්වජන බලය නොසැලී සිටින්නේ එකම මූලධර්මයක් මතය. ඒ ශ්‍රී ලංකාව සතුටුදායක ජාතියක් බවට පත් කිරීමයි. එය නොමිලේ රත්තරන් දීමේ පොරොන්දුව මත නොව, සමෘද්ධිය ළඟා කරගත හැකි වටපිටාව නිර්මාණය කිරීම මත පදනම් වේ.

මෙය තනි පුද්ගල සංදර්ශනයක් නොවේ; තනි පුද්ගයෙක් ගේ ජනාධිපති හීනයක් නොවේ.  සැබෑ වෙනස පවතින්නේ එතැන ය. රොෂාන් රණසිංහ, අනුරාධා යහම්පත්, දිලුම් අමුණුගම, මධුර විතානගේ, රංජන් සෙනවිරත්න, අලාල්ඩීන්, චන්න ජයසුමන, කී, නොකී මෙහි සෑම නායකයෙක් ම වැදගත්ය. ගම් මට්ටමින් ව්‍යාපාරය ගොඩනැගීමේ දුෂ්කර කාර්යයේ නිරත වන සර්වජන සභා නායකයාගේ සිට ඉහළට ම එය විහිදේ.සර්වජන සභාවල නායකයින්, මේ ව්‍යාපාරයේ, ශක්‍තිය පමණක් නොව, ඔවුන් මේ ව්‍යාපාරයේ හද ගැස්මයි. සැබෑ නායකයින් බිහි වන්නේ, පොළොවේ පය ගසා, දුවිලී කා, වරප්‍රසාද පැත්තකට දමා, මහජනයා සමග කරන දේශපාලනයේ දී පමණි. අද: ආණ්ඩුවේ, ගමේ නායකයින්, බලයෙන් වල්මත් වී, මුදලට ගිජු වී, ඉන්න මොහතක සර්වජන සභා නායකයින් ගමේ මිනිස්සුන්ට නායකත්වය දෙමින් සිටී. එහෙව් නායකත්වයක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් සැලෙන්නේ නැත; තාඩන,පීඩන, ගර්ජන, තර්ජන වලට බයේ හැංගෙන්නේ නැත.485159708 1054303070073664 1684515997112873212 n

'අරමුණ' වැඩසටහනේ සිට අද පවතින බලගතු තත්ත්වය දක්වා පැමිණි ගමන ආශ්චර්යයක් නොව, කැපවීමේ ප්‍රතිඵලයකි. වසර තුනක නොපසුබට, වෙහෙසකර වැඩකොටසකි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් බිම් මට්ටමේ සිට ගොඩනැගීම අතිශය දුෂ්කර කාර්යයකි. එහි අරමුණ කිසිවිටෙකත් එක් පුද්ගලයකු ජනාධිපති කිරීම හෝ බලය ලබා ගැනීම සඳහා ම ආණ්ඩුවක් පිහිටුවීම පමණක් නොවී ය. එහි අරමුණ වූයේ මැතිවරණවලින් ඔබ්බට, පුද්ගල චරිතවලින් ඔබ්බට, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය දේශපාලනය වෙළාගත් 'පොරොන්දුව සහ පාවාදීම' නමැති විෂම චක්‍රයෙන් ඔබ්බට පවතින ශක්තිමත් යමක් ගොඩනැගීම යි. සර්වජන බලයේ සිටින සෑම දෙනා ම සටන් පාඨ වෙනුවට තමන් ගැනම විශ්වාසය තැබිය යුතු මොහොත මෙයයි. තමන්ගේ පෞද්ගලික වර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමටත්, ඉගෙනීමටත්, නැණවත් වීමටත්, අවශ්‍ය තැන දී සැබෑ සටන්කරුවන් වීමටත් මෙය කාලයයි.

සර්වජන බලයට දැන් අවශ්‍ය "සර්වජන සරසවිය'' යි.

සර්වජන බලය බිය ගැන්විය නොහැක. මන්ද එය ගොඩනගා ඇත්තේ වෙනස්ම පදනමක ය. අවශ්‍ය මොහොතේ වීදි සටන්කාමීන් වීමටත්, නිහතමානීකම අවශ්‍ය තැනදී නිහතමානී වීමටත් හැකි පිරිසක් එහි සිටිති. නමුත් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය මෙය යි.

ඒකාධිපති, දූෂිත සහ අකාර්යක්ෂම රජයකට එරෙහිව එදිනෙදා සටන් කරන අතරතුර, සර්වජන බලය පාලනය සඳහා සූදානම් විය යුතු ය.

අනුර අසාර්ථක වූයේ මැතිවරණයක් ජය ගැනීම යනු පාලනය කිරීම යැයි ඔහු සිතූ බැවිනි. විජේ ද අසාර්ථක වනු ඇත්තේ ඒ නිසාම ය. ඔවුන් මැතිවරණ ව්‍යාපාරය සහ පාලන හැකියාව පටලවා ගත්හ. ඔවුන් අත්පොළසන් හඬ, බලය ලෙස වරදවා වටහා ගත්හ. සර්වජන බලය මෙම වැරදිවලින් පාඩම් උගත යුතු ය. මෙය වඩාත් නිහතමානීව පෙරට වඩා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු මොහොතයි. තව තවත් පොරොන්දු දීමට නොව, වඩා හොඳින් සූදානම් වීමට කාලය යි. රටක් පාලනය කිරීමට යටිතල පහසුකම් අවශ්‍යය. පර්යේෂණ මත පදනම් වූ ප්‍රතිපත්ති අවශ්‍ය ය. සැබෑ ලෝකයට ගැළපෙන ආර්ථික සැලසුම් අවශ්‍ය ය. විසඳුම් නිර්මාණය කළ යුත්තේ හුදු ප්‍රබෝධය සඳහා නොව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ය.

අනුර සහ ජවිපෙය (මාලිමව කියා දෙයක් නැත) නැවත නැවතත් අසාර්ථක වන අයුරු රටම බලා සිටියි. දැන් ප්‍රශ්නය වන්නේ සර්වජන බලය සැබෑ වෙනසක් ඉදිරිපත් කරන්නේද යන්නයි. ඒ හුදු වෙනස් පොරොන්දු නොව, බලය භාවිතා කරන වෙනස් ප්‍රවේශයකි. එම වෙනස ආරම්භ වන්නේ දැන් සිට ය; පක්ෂය සූදානම් වන ආකාරය තුළ ය; නායකයින් මැතිවරණ ජයග්‍රහණයට වඩා රට පාලනය කිරීම තේරුම් ගැනීමට ආයෝජනය කරන ආකාරය තුළ ය; ධෛර්යය සමග ම දක්ෂතාවය ගොඩනගන ආකාරය තුළය.

තමිල්නාඩු පාඩම නම් තරුණයින් නොමිලේ රත්තරන් බලාපොරොත්තු වන බව නොවේ.

485931824 1056465776524060 7211275536292180127 n

ඉන් අදහස් වන්නේ අසරණ වූ මිනිසුන් ඕනෑම දෙයක් විශ්වාස කිරීමට පෙලඹෙන බවයි. ශ්‍රී ලංකාව අද සිටින්නේ එවැනි අසරණ තත්ත්වයක ය. තවත් කඩ වූ පොරොන්දු මාලාවක්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහි ඉතිරිව ඇති ස්වල්ප වූ විශ්වාසය ද සහමුලින්ම විනාශ කර දමනු ඇත. සර්වජන බලයට වෙනස් වීමේ වගකීමක් ඇත. පරිපූර්ණ වීමට වඩා 'වෙනස්' වීම වැදගත් ය; පොරොන්දු වෙනුවට ප්‍රතිපත්ති මත ගොඩනැගීම වැදගත් ය; හුදු විපක්ෂයක් වීමට වඩා පාලන තන්ත්‍රයක් සඳහා සංවිධානය වීම වැදගත්ය. වැඩකටයුතු පෙරට වඩා ශක්තිමත්ව, පෙරට වඩා බුද්ධිමත්ව ඉදිරියට යා යුතුය. මන්ද මේ රටට තවත් 'අනුර' කෙනකු, තවත් 'විජේ' කෙනකු හෝ විප්ලවයක වෙස්මුහුණ පැලඳි අකාර්යක්ෂමතාව නිසා විනාශ වන තවත් බලාපොරොත්තු චක්‍රයක් දරාගත නොහැකි ය.

මෙය සර්වජන බලයේ මොහොතයි. ඒ හඳ ලබා දීමට පොරොන්දු වීමට නොව, ඒ සඳහා අවශ්‍ය ඉණිමඟ තැනීමටයි.

නවම් මීගොඩ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න