මේ දවස්වල බලන්නම වටින වැඩක් තමයි හිරු පුවත් විකාශන මැදිරියේ සිදුවූ සජීවී අත්වැරදීම. එක පැත්තකින් එය වැරදීමක් වුවත්, මගේ දැක්මට අනුව එයින් ඔවුන් තවත් ජනප්‍රියත්වයක් ලබාගත්තා. මගේ මතකය නිවැරදි නම්, දකුණු ආසියාවේ විශාලතම පුවත් මැදිරිය හඳුන්වා දුන් දෙරණ නාලිකාවටත් පළමු දිනයේ දී ම නිසි පරිදි රූපරාමු කළමනාකරණය කිරීමට නොහැකි වීමෙන් ඔය වගේ ම වැඩක් වුණා.
ජාතික රූපවාහිනියේ සජීවී මැදිරිවලට භීෂණ සමයේ සිදු වූ කඩා වැදීම් විතරක් නෙවෙයි, එවකට දේශපාලනයේ ඉහළින්ම සිටි 'සිල්වා' (මර්වින් සිල්වා) කෙනෙකු රූපවාහිනියට කඩා වැදුණු හැටිත් මගේ මතකයේ තිබෙනවා. කොහොම වුණත් ඒවා දැන් නම් හරිම රසබර කියවීම්. දන්න කියන තැන්වලින් තොරතුරු සොයාගෙන මම මේ උත්සාහ කරන්නේ, එවැනිම රසවත් සජීවී විකාශවල සිදු වූ අපූරු වැරදීම් ගැන සොයා බලන්නයි.
හිතවත් පාඨකයින්නි, රූපවාහිනිය කියන්නේ මුළු ලෝකයම එකම නිමේෂයකින් අපේ විසිත්ත කාමරයට රැගෙන එන අපූරු මාධ්‍යයක්. විශේෂයෙන්ම 'සජීවී' (Live) විකාශ කියන්නේ ඉතාමත් සංකීර්ණ, දැඩි ආතතියක් සහ නිවැරදි කාල කළමනාකරණයක් අවශ්‍ය වන ක්‍රියාවලියක්. මෙවැනි වටපිටාවක සිදුවන එකම එක කුඩා ප්‍රමාදයක් හෝ වැරදීමක් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ විශාල ආන්දෝලනයක් හෝ සිනහවක් උපදවන සිදුවීමක් බවට පත්වෙන්න පුළුවන්. ලෝක ප්‍රකට රූපවාහිනී නාලිකාවල සිදුවූ එවැනි අමතක නොවන ප්‍රසිද්ධ අත්වැරදීම් කිහිපයක් දෙස ආපසු හැරී බැලීම ඉතා රසවත් කාරණයක් වන බැවින්, ලිපියේ ඉතිරි කොටසත් නොනවත්වා ම කියවන්න.
1. බී.බී.සී (BBC) නාලිකාවේ 'ගයි ගෝමා' මහා පටලැවිල්ල
රූපවාහිනී ඉතිහාසයේ සිදුවූ හාස්‍යජනකම සහ ප්‍රසිද්ධ ම අත්වැරදීමක් ලෙස BBC නාලිකාවේ සිදුවූ "ගයි ගෝමා" (Guy Goma) සිදුවීම හඳුන්වන්න පුළුවන්. 2006 වසරේදී BBC නාලිකාව අරමුණු කළේ 'ගයි කීනි' (Guy Kewney) නමැති ප්‍රකට තාක්ෂණික විශේෂඥයාගෙන් Apple සමාගමට අදාළ නීතිමය ප්‍රශ්නයක් ගැන සජීවී අදහස් ලබා ගැනීමටයි.
නමුත් නාලිකාවේ සේවකයන්ගේ වැරදීමකින් මැදිරියට කැඳවාගෙන ආවේ, රූපවාහිනී ආයතනයේම දත්ත ඇතුළත් කරන්නෙකුගේ (Data Entry) රැකියා සම්මුඛ සාකච්ඡාවකට පැමිණි "ගයි ගෝමා" නමැති සාමාන්‍ය පුද්ගලයෙකුවයි. සජීවී කැමරාව ඉදිරියේ නිවේදිකාව තමන්ගෙන් තාක්ෂණික ප්‍රශ්න අසද්දී ඔහුගේ මුහුණේ ඇතිවූ මවිතය සහ පසුව ඔහු ඉතා අපූරුවට තත්ත්වයට මුහුණ දෙමින් පිළිතුරු දුන් ආකාරය අදටත් ලෝක ප්‍රසිද්ධ රූපවාහිනී අත්වැරදීමක් ලෙස සනිටුහන් වෙනවා.
Guy Goma: 20 Years of BBC’s “Best‑Worst” Interview - BBC Africa
2. ලෝක ප්‍රකට සම්මාන උළෙලවල සිදු වූ අතපසුවීම්

විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ ඉහළම තාක්ෂණයක් සහිත සජීවී සම්මාන උළෙලවල් ද මෙවැනි අත්වැරදීම්වලින් බේරී නැත.
විශ්ව රූ රැජින (2015): නිවේදක ස්ටීව් හාර්වි (Steve Harvey) විසින් ජයග්‍රාහිකාව ලෙස වැරදීමකින් කොලොම්බියානු සුන්දරියගේ නම ප්‍රකාශයට පත් කළේය. පසුව ඇයට ඔටුන්න ද පළඳවා, මිනිත්තු කිහිපයකට පසු සැබෑ ජයග්‍රාහිකාව පිලිපීන සුන්දරිය බව නිවේදනය කිරීමට සිදුවීම නාලිකාවට මෙන්ම නිවේදකයාට ද මහත් අපහසුතාවක් ගෙන දුන්නේය.
ඔස්කාර් සම්මාන උළෙල (2017): හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ප්‍රකාශයට පත් කිරීමේදී වැරදි ලියුම් කවරයක් අතට පත්වීම නිසා නිවේදකයන් විසින් 'La La Land' චිත්‍රපටයේ නම ප්‍රකාශ කළ අතර, පසුව එහි සැබෑ ජයග්‍රාහකයා 'Moonlight' චිත්‍රපටය බව වේදිකාව මතදීම නිවැරදි කිරීමට සිදුවිය.
Steve Harvey Crowns the Wrong Miss Universe 2015
Oscars Mistake: Moonlight Wins Best Picture after La La Land Mistakenly Announced
3. සජීවී දර්ශන මැදට කඩා වැදුණු 'නොසිතූ අමුත්තන්'
තාක්ෂණයේ දියුණුවත් සමග නිවසේ සිට සජීවීව රූපවාහිනී සාකච්ඡාවලට සම්බන්ධ වීම (Skype/Zoom හරහා) සාමාන්‍ය දෙයක් වී ඇත. මෙහිදී BBC නාලිකාව සමඟ සජීවී දේශපාලන විශ්ලේෂණයක යෙදී සිටි මහාචාර්ය රොබට් කෙලී (Robert Kelly) ගේ සිදුවීම කාගේත් අවධානය දිනාගත්තේය.
ඔහු ඉතා බැරෑරුම් ලෙස දකුණු කොරියානු දේශපාලනය ගැන අදහස් දක්වමින් සිටියදී, ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා නටමින් සහ සෙල්ලම් කරමින් කාමරයට ඇතුළු වූ අතර, පසුව ඔහුගේ බිරිඳ කලබලයෙන් පැමිණ දරුවන් බිම දිගේ ඇදගෙන යන ආකාරය සජීවීව මුළු ලෝකයට ම විකාශය විය. මෙය ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ සුන්දර මෙන්ම හාස්‍යජනක අත්වැරදීමකි. අර මම මුලින් කී භීෂණ කාලයේ සිදුවීම් සහ සිල්වාගේ පැමිණීමත් අයිති වන්නේ ඔන්න ඔය ගොඩටමයි.
Children interrupt BBC News interview
4. ප්‍රවෘත්ති නිවේදකයින් ගේ වචන පැටලීම් සහ තාක්ෂණික දෝෂ
දේශීය මෙන්ම ජාත්‍යන්තර නාලිකාවල ද ප්‍රවෘත්ති නිවේදකයන්ට වචන පැටලීම (Slips of the tongue) ඉතා සුලභ දෙයකි. සමහර අවස්ථාවලදී ප්‍රවෘත්ති විකාශය අතරතුර තමන් තවමත් සජීවීව විකාශය වන බව නොදැන නිවේදකයන් කෝපි පානය කිරීම, දුරකතන භාවිතය, වේශ නිරූපණය සකස් කිරීම හෝ එකිනෙකා සමග විහිළු තහළු කරගන්නා ආකාරය කැමරාවේ සටහන් වී ඇත.
එසේම, මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කිරීමට අමතක වීම (Hot Mic) නිසා නිවේදකයන් හෝ දේශපාලනඥයන් පෞද්ගලිකව කියන රහස් හෝ අසභ්‍ය වචන ලෝකයටම ඇසුණු අවස්ථා ද ඕනෑතරම් තිබේ. පසුබිම් තිර (Green Screen) ක්‍රියාවිරහිත වීම නිසා කාලගුණ නිවේදකයන් අතුරුදන් වීම හෝ වැරදි ග්‍රැෆික්ස් දර්ශනය වීම් ද මෙයට තවත් උදාහරණ වේ.
ඇපල් (Apple) සමාගම සිය දසවන දුරකථනය, එනම් ඇසට සංවේදී ආරක්ෂණ පද්ධතියක් (Face Unlock) හඳුන්වා දුන් මුල්ම දුරකතනය එළිදැක්වීමේ නිල උත්සවයේදී, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ද මගේ මතකයේ තිබේ.
කොහොමටත් "වැරදීම් සිදුවීම මානුෂීය ගතියකි" කියා කියමනක් තිබේ. තාක්ෂණය කොතරම් උපරිම මට්ටමකට දියුණු වුවත්, රූපවාහිනී කලාව පිටුපස ක්‍රියාත්මක වන්නේ මිනිස් ශ්‍රමය සහ මිනිස් මොළයයි. එබැවින් මෙවැනි සජීවී පරිසරයක වැරදීම් සිදුවීම වැළැක්විය නොහැකි ය.
මෙම අත්වැරදීම් රූපවාහිනී නාලිකාවලට යම් අවස්ථාවල දී වෘත්තීයමය වශයෙන් අපහසුතාවක් හෝ පාඩුවක් ගෙන දුන්න ද, ප්‍රේක්ෂකයන්ට ඒවායින් ලැබෙන්නේ අමුතු ම ආකාරයේ රසස්වාදයකි.
අවසාන වශයෙන්...
මෙම සජීවී අත්වැරදීම් අපට මතක් කර දෙන්නේ රූපවාහිනිය යනු හුදෙක් කෘතිම වීදුරු තිරයක් පමණක් නොව, එය පිටුපස ඇති සැබෑ මානුෂීය ජීවිතයේම සහ සජීවී උත්සාහයකම කොටසක් බවයි.
Dhammika P Ranasooriy
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
