Image

වජිර අබේ වර්ධන, කුමාරප්පෙරුම ගේ පුතා ගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කරයි; රනිල් ද දුරකතනයෙන් සොව පළ කරයි

වජිර අබේ වර්ධන, කුමාරප්පෙරුම ගේ පුතා ගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කරයි; රනිල් ද දුරකතනයෙන් සොව පළ කරයි

හදිසියේ අභාවප්‍රාප්ත වු නිවින් නිශාකර කුමාරප්පෙරුම තරුණ මහතා ගේ වියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද (15) කුමාරප්පෙරුම ගේ නිවසට පැමිණ සිය ශෝකය පළ කර සිටියේ ය.

මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වූ නිවින් කුමාරප්පෙරුම ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ගේ සහ හිමාලි අතාවුද මහත්මිය ගේ ආදරණීය පුතු ය. මියයන විට ඔහු 25 වන වියෙහි පසු වූ නිවින්, කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කැනඩාවේදී උසස් අධ්‍යාපනය හැදෑරිය.

එසේම එම අවස්ථාවේ දී viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දුරකතනය හරහා සම්බන්ධවෙමින් එතුමන්ගේත්, එක්සත් ජාතික පක්ෂයේත් ශෝකය නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු පවුලේ සැමට පළ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න