බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේ දී ඇතැම් වෙළඳ ආයතන 2.5%ක හෝ 3%ක අමතර ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
බැංකුව සඳහන් කරන අන්දමට ඕනෑම වෙළෙඳ ආයතනයක් Online හෝ POS යන්ත්ර හරහා ගෙවීම් පහසුකම් ලබාගන්නේ අදාළ බැංකුව සමඟ ඇති කරගන්නා විශේෂ ගිවිසුමක් යටතේ ය. එම ගිවිසුම් ප්රකාරව භාණ්ඩ හෝ සේවාවල නියමිත මිලට වඩා වැඩිපුර කිසිදු අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට අදාළ වෙළෙඳුන්ට හැකියාවක් නොමැත.
එබැවින්, මහ බැංකුව ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ යම් වෙළෙඳ ආයතනයක් කාඩ්පත් ගෙවීම් සඳහා අසාධාරණ ලෙස වැඩිපුර මුදලක් අය කරන්නේ නම්, වහාම මතු දැක්වෙන පියවර අනුගමනය කරන ලෙස ය.
එනම්, අමතර මුදල අය කළ බව සනාථ කිරීම සඳහා අදාළ ගනුදෙනුවට හිමි නිල රිසිට්පත ලබාගැනීම සහ ඔබට අදාළ කාඩ්පත නිකුත් කළ බැංකුව වෙත වහාම ඒ පිළිබඳව පැමිණිලි කිරීම ය.
ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ ගෙවීම් යන්ත්රයෙන් ලබාදුන් රිසිට්පත අදාළ බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් වැඩිපුර අය කරගත් මුදල ආපසු ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
