1923 ප්‍රවීණ නාට්‍ය සංගමයක් පිහිටවා එහි නාට්‍ය කතා රචකයා වශයෙන් ඩබ්ලිව්යු. ඒ. සිල්වා පත්කරගෙන සිටියේය. ඔහු "අවිචාර සමය" කතාව ලියන ලද්දේ එම නාට්‍ය කණ්ඩායමේ රඟදැක්වීමේ අදහසින් ය.
එම නාට්‍ය සංගමයේ අධ්‍යක්ෂ වූ සී.දොන් අමරදාස සංගීත ආචාර්ය ඇම්.පී පෙරේරා විද්වතුන් නළු නිලියන් සංවිධානය කර පසුව ඩබ්ලිව්යු. ඒ. සිල්වාට අධ්‍යක්ෂ අමරදාස පවසා ඇත්තේ "අවිචාර සමය" කතා පිටපතේ දීර්ඝ වාසගම් සහ වෙනත් අනවශ්‍ය කොටස් කපා හරින ලෙස ය. ඩබ්ලිව්. ඒ. සිල්වා එක හෙළාම කියා ඇත්තේ ''මාගේ පිටපතේ එකම දෙබසක්වත් කපා හරින්නේ නැත,'' යනුවෙනි.
එසේ පවසා පිටපත ද රැගෙන නික්ම ගොස් ඇත; එහි සිටි සංගීත ආචාර්යවරයා ද ඔහු සමග නික්ම ගොස් ඇත.
ස්ටීවන් සිල්වාට චාන්ස් එකක්
එම දරදඩු ක්‍රියාවෙන් කැළැඹීමට පත් අධ්‍යක්ෂ අමරදාස "කොහොමද මේ මිනිස්සු සමග නාට්‍යයක් කරන්නනේ...?'' යැයි පවසා... ටිකක් කල්පනාකර ළඟ සිටි ස්ටීවන් සිල්වාට කතා කර ''ස්ටීවන් තමුන් සිංහල භාෂාව හොඳින් උගත් කෙනෙක් තමන් ගේ දැනුම තවත් දියුණු කරගන්න කතාවක් ලියන්න මම උදව්කරන්නම්,'' යැයි පවසා ඇත.
අමරදාස ස්ටීවන් සිල්වා ගේ ආචාර්ය වරයා විය. ගුරුවරයාගේ කීමට එකගවී "මතභේදය" ලියා 1923 නාට්‍යයට නගා ඇත. මෙය ඉතාමත් ජනප්‍රිය වී ටවර් රඟහල ඇතුළුව රඟහල් කිහිපයක ම දර්ශන වාර 377ක් පමණ ප්‍රදර්ශනය කර ඇත. පසුව: "මතභේදය", ''කුරුසේ ලකුණ හෙවත් මාර්කස් සහ මර්ෂියා'', ''ඇන්තනී සහ ක්ලියෝපැට්ට්‍රා'', ''රෝමියෝ ජුලියට්'', ''ජුලියස් සීසර්'', ''පෙරකදෝරු බෑනා'', ''නොම්මර පහේ මනමාලයා'', යන මෙම කතා හතම නාට්‍ය වේදිකා ගතකර ඇත. තව ද මොහු ලියූ ''අභිමානය'', ''ජාති දෙක'', ''අභිරහස'', ''නුවර සැණකෙළිය'' යනාදි සමාජගත නාට්‍ය කිහිපයක් ලියූවත් ඒවා වේදිකාගත කිරීමට නොහැකි වූයේ ඔහු හදිස්සියෙන්ම රෝගාතුරවූ බැවිනි.
''රෝමියෝ ජුලියට්'' ශේක්ෂ්පියර් නාට්ය කණ්ඩායමේ පැසසුමට...
ඔහුගේ රෝමියෝ ජුලියට් නාට්‍ය හැර සියලු ම නාට්‍යවල: රාගතාල, චිත්‍ර පුවරු,රචනය, පුහුණුකර ඇත්තේ ආචාර්ය සී.දොන් බස්තියන් අමරසේකර ය. සංගීතය කොළඹ මෝදර ඇම්. ඇල්. (ලිවිනිස්) පෙරේරා ය. ස්ටීවන් සිල්වා දක්ෂ නළුවෙක්ද විය. රෝමියෝ ජුලියට් නාට්‍යයේ රඟපෑ ම පිළිබඳව, එදා විදේශ රටවලින් ගෙන්වන ලද නාට්‍යය කණ්ඩායම් ඉංග්‍රීසි පෙළැන්තිය සදහා වේදිකා ගතවිය. මෙරටට පැමිණි ශේක්ෂ්පියර් නාට්‍ය කණ්ඩායම මෙම නාට්‍ය නරඹා පැසසුමට ලක්කර ඇත.
ඩබ්ලිව්යු. ඒ. සිල්වා ගේ ගිවිසුම
මතභේදය, පෙරකදෝරු බෑනා නාට්‍ය දෙකම ස්ටීවන් සිල්වා ලියා ඇත්තේ ඉංග්‍රීසි නාට්‍ය නරඹා එය ආශ්‍රිතයෙනි. මෙම කතා දෙකම බී.ඒ ඩබ්ලිව්. ජයමාන්න ස්ටීවන් සිල්වා රෝගතුරව සිටියදී චිත්‍රපට ගත කිරීම සදහා මිලදී ගෙන ඇත. 1953 ප්‍රදර්ශනය වූ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ ''කැළෑහඳ'' චිත්‍රපට ගත කිරීමට ලබා ගෙන ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වූ බැවිනි. ඩබ්ලිව්යු. ඒ. සිල්වා එම චිත්‍රපටයේ කතාවට අමතරව ගීත තැටි අලවිකර එන ආදායමෙන් සීයට තිහක් ලබා ගැනිමට පවා ගිවිසුමකට එළඹ ඇත. මේ හේතු තුළ ම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ලබාගෙන ඇත්තේ "හදපාන" ( ඩබ්ල් යු. ඒ. සිල්වා ලියා පළ කර ඇත්තේ 1941 කෙටි කතාවක් ලෙසිනි) කතාවට සමාන කතාවක් වූ ස්ටීවන් සිල්වා ගේ "මතභේදය" එදා ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වූ බැවිනි.
ගීතයට ද පාදක වූ රත්නපුරය
මතභේදය චිත්‍රපටයේ නගරයේ සිට ගමට එන තරුණයා ගේ චරිතය සේනාධීර කුරුප්පු රඟපාන අතර ගැමි තරුණිය රුක්මණී දේවී විය. හදපාන චිත්‍රපටයේ ගමෙන් එන තරුණයාගේ චරිතය රඟපාන්නේ හර්බට් එම් සෙනෙවිරත්න ය. ගැමි තරුණියගේ චරිතය රගපාන්නේ විජිත මල්ලිකා ය. මෙම කතා දෙකේම ගැමි තරුණියන් දෙදෙනා ගේම නම කුසුමා වන අතර ගම ද රත්නපුරය වේ. මතභේදය චිත්‍රපටයේ මොහිදින් බෙග් ගායනා කරන "පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේහී කූඩු තනන්ටා"මේ ගීතය ඒ. ජේ ද සොයිසා රචනා කරන ලද්දේ ද මෙම චිත්‍රපටයේ කතාව රත්නපුරේ ආශ්‍රිතව බැවිනි. කතා දෙකම එක හා සමානය. මතභේදය සහ හඳපාන චිත්‍රපට දෙකම ඉතාමත් සාර්ථක ලෙස ජනප්‍රිය විය.

හේමප්‍රිය කණ්ඩම්බි
(සිනමා කෞතුකාගාරය කඩවත)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
