කැතයි! ලැජ්ජයි! නින්දිතයි! ලෝයර්!!! - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ සටහනක් 

 කැතයි! ලැජ්ජයි! නින්දිතයි! ලෝයර්!!! - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ සටහනක් 

ඔක්කොමල අකුරුගොඩ හමුදා මූලස්ථානෙ ගැන ඊයෙ ඉඳන් එක එක කතා කියනවනෙ. ඒත් නොකිව්ව කතාව මොකක්ද?

ඕක ගෝට බාරදුන්නෙ එයාගෙ යාලුව මුදිත ජයකොඩිට කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැතිව. දන්නවනෙ කවුද මුදිත කියන්නෙ කියල. එයා තමයි බැසිල්ගෙ මල්වානෙ ගෙදර, මාතර බ්‍රවුන්ස් හිල් ගෙදර (සොරි, බැසිල්ගෙ නෙමෙයි කියල එයා කියන්නෙ - අයිතිකාරයෙක් නැති ගෙවල්) වගේ ඒව හැදුවෙ. ඔය ගෝටගෙ මැණික් ගඟේ ගෙදර ආර්කිටෙකුත් එයා තමයි. 

 ඒව තමා කොමිස් මුදල හමුදා මූලස්ථානෙ. දැන් මේ මුදිත, රාජපක්‍ෂලට විරුද්ධව සාක්කි දෙනවනෙ. ඉතිං තිරුකුමාර් නඩේසන්ගෙ ලෝයර් කරේ මොකක්ද? තිරු කියන්නෙ නිරුපමා රාජපක්‍ෂගෙ ස්වාමි පුරුෂය. එයාගෙ නමට තමා මල්වානෙ ඉඩම තිබ්බෙ. 

 2015 ආණ්ඩුව ආපු ගමන් එයා ඒකෙන් අයින්වෙනව. ඒ උනත් නඩුවෙ තාම විත්තිකාරයෙක්. එයාගෙ ලෝයර් කරේ මොකක්ද? මේ ආණ්ඩුවම ඇවිත් ගෙනාපු තොරතුරු දැනගැනීමේ පණත යටතෙ ඉල්ලුව අකුරුගොඩ මූලස්ථානෙට මුදිත ජයකොඩිට ගෙවල තියෙන ගණන් දෙන්න කියල. ඉස්සෙල දුන්නෙ නැති උනාම, තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියායචනයක් කලා. තොරතුරු දැන ගැනීමේ කොමිසම නියෝගයක් දුන්න ඒව දෙන්න කියල. ඒත් නොදී ඉඳල දැන් දීල තියනව. 

 ඒක අනුව මුදිත ජයකොඩිට මාර ගනන් දිලා තියෙන්නෙ. දැන් මේකෙ ප්‍රශ්ණෙ දන්නවද මොකක්ද කියල? මේක තොරතුරු දැන ගැනීම පැත්තෙන් ජයග්‍රහණයක්. මෙතනින් කියව ගන්න තොරතුරු දැන ගැනීමේ පණත යටතෙ ජාතික ආරක්‍ෂාවට අදාලව දුන්න ඒ ඓතිහාසික තීන්දුව ගැන. ඒව තමා ජනවාරි 8 ජයග්‍රහණ: Major Victory For RTI; Cabinet Of Ministers Release The Akuregoda Defence Headquarters Report

ඒත් මේ තොරතුරු ඉල්ලුවෙ මොකටද? මල්වානෙ නඩුවෙන් බැසිල් නිදහස් කරන්න, තිරුකුමාර් නඩේසන්ව නිදහස් කරන්න, ඒ කියන්නෙ මුදිත ජයකොඩි කියනවනේ ඒ ගෙවල් බැසිල්ගෙ කියල. ඉතිං ඒ මිනිහ බොරුකාරයෙක් කියල සාක්කි කඩන්න. 

 ඒක කොහොමත් වෙනව මේ අකුරුගොඩට මුදිතට ගෙවල තියෙන ගෙවිල්ලෙ හැටියට. ඉතිං බැසිල් දිනනව, තිරුත් දිනනව. 

 ඒක නෙමේ මෙතන තියෙන ආතල් කෑල්ල. කවුද මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ලෝයර්. ඒ තමා අපේ යාලුව, මේ ආණ්ඩුවෙන් ජනාධිපති නීතීඥකමක් ඉල්ල ගත්ත සාලිය පීරීස් කියන මානව හිමිකම් නීතීඥතුමා.මම එයාව පිටරට කොන්ෆරන්ස් එකකටත් යැව්ව. එයා තමා තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් ඉන්නෙ. කැතයි, ලැජ්ජයි, නින්දිතයි. මම ලෝයර්-ක්ලයන්ට් රිලේශන්ශිප් එක ප්‍රශ්ණ කරනව නෙමෙයි හරිද!!!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න