Language Switcher

V2025

දස වසරක ලිංදස වසරක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පර්යේෂණ කෘතියක් එයි !

ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වසර 66 කාලයක් පුරාවට සේවා සපයන ආයතනයක් වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් සම්පාදනය කරන ලද නවතම පර්යේෂණ කෘතියක් පසුගිය 13 දා එම ආයතනයේ ශ්‍රවණාගාරයේදී ජනගතකරනු ලැබීය. ‘Sexual and Reproductive Health Research in Sri Lanka: Current Status, Challenges and Directions (2010-2019)” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර තිබේ.

වසර දහයක කාලයක් පුරාවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් සිදුකරන ලැබූ පර්යේෂණ සහ වෛද්‍ය, ජනගහන අධ්‍යනය වැනි ක්ෂේත්‍ර ගණනාවක ලංකාවේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් ගණනාවක්ද මෙම කෘතිය වෙනුවෙන් දායකවී තිබේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වෙනුවෙන් එහි නියාමන සහ ඇගයීම් අංශය මෙම කෘතිය සම්පාදනය කර ඇත.

මෙම කෘතිය ජනගතකිරීමේ අවස්ථාවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගීවූ අතර මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබූවේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපත් මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක විසින්ය. එහිදී එතුමන් විසින් ලංකාවේ වර්තමාන ලිංගික හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවනතා පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදුකළ අතරම වැඩිපුර සැලකිල්ලට ලක්නොවන මැදිවිය ඉක්මවූ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව ඔහුගේ පර්යේෂණ අනුව කරුණු ඉස්මතු කරනු ලැබීය. එසේම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සැපයීමේදී ඉදිරි ආනාගතය සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වැනි ආයතන අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයන්ද හෙතෙම විස්තර කරනු ලැබීය.

මිට අමතරව විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක , උපක්‍රමික අධ්‍යනයන් පිළිබඳ කලාපීය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍ය අජිත්image 38de9cf110 කරවිට මෙම අවස්ථාවේ අදහස් දැක්වීම් සිදුකරන ලදි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා, ජාත්‍යන්තර සැලසුම්ගත  මව්පියභාවය පිළිබඳ පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුචිර සුරංග, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍ය කපිල රණසිංහ යන පර්යේෂකයන්ද මෙම කෘතිය සඳහා දායකත්වය සපයා තිබේ.ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ ආගුස් මහත්මියද මෙහිදී අදහස් දක්වමින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම ආයතනයේ කාර්යභාරය පැහැදිලි කළ අතරම පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් අගනා දැනුම සම්පතක් ලෙස ඉදිරිපත් කරන මෙම කෘතිය ජනතාවට ඉතා වැදගත් වනු ඇති බවද පැවසීය.  

දිවයින පුරාම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පාලනය වන්නේ ස්වේච්ඡා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ජාතික කවුන්සිලයකින් වන අතර එය නියෝජනය කරමින් චන්දිම ගුණවර්ධන මහතා ඇතුළු සාමාජිකයින් මේ අවස්ථාවට සහභාගීවිය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ලංකාවේ ජාතික ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේද ප්‍රධාන සහකාර ආයතනයක් ලෙස ක්‍රියාකරනු ලබයි.