පඩිය ආණ්ඩුවට දුන්න සිරිල් !

පඩිය ආණ්ඩුවට දුන්න සිරිල් !
එදා සිරිල් ගෙදර ආවේ හරිම සන්තෝසෙන්. මොකද මේ කවදාවත් නැති සන්තෝසයක් නෝනා ඇහුවා.,, 
 
මගේ මේ මාසේ පඩිය ආණ්ඩුවට දුන්නා. 
 
නියම දේශප්‍රේමී මිනිහෙක් වගේ.. 
 
ඈ. මිනිහෝ. අප්‍රේල් පඩිය හම්බුනේ දහවෙනිදා. 
දැන් ආයේ පඩියක් එන්නේ මාස දෙකකට විතර පස්සේ..ඒකත් දන් දුන්නද.. 
 
කටවහපන් ගෑනියේ මේක හොද අවස්තවක් මේ රට නව ආර්ථික මාවත ට යොමුකරන්න.. 
 
ඒ කොහොමද.. 
 
දැන් මේ රටේ දේශප්‍රේමී එවුන් ඔක්කොම පඩිය ගන්නේ නෑ.. 
 
ඊට පස්සේ දේශප්‍රේමී කඩකාරයන්ට අපෙන් සල්ලි ගන්න බෑ.. 
 
අපි පාරට ගිහින් දේශප්‍රේමී බස් එකක් එනකම් ඉන්නවා, 
දේශප්‍රේමී බස් කාරයෝ සල්ලි ගන්නේ නෑ. 
 
දේශප්‍රේමී ෂෙඩ් කාරයෝ තෙල් නිකන් දෙනව. අපි යන්නේ ඒවට විතරයි. 
 
දේශප්‍රේමී රෙදි කඩ කාරයෝ නිකන් රෙදි දෙනවා. 
 
දේශප්‍රේමී බාස්ල නිකන් ගෙවල් හදලා දෙනවා. 
 
දේශප්‍රේමී දොස්තර ල නිකන් බේත් දෙනවා. 
 
මේ විදියට දේශප්‍රේමී set එක අතරේ මුදල් නැති ආර්ථිකයක් බිහි වෙනවා. 
 
එතකොට. 
උද්දමනය. 
විනිමය අනුපාත. 
ගෙවුම් ශේෂ.. 
අය වැය හිගය 
වගේ ප්‍රශ්න ඔක්කොම දූරීම් බූත වෙලා රට අමුතු ලල් එකකට පත් වෙනවා.. 
 
ඔක්කොම නිකන්.. 
 
""අම්මපා තමයි """
 
ගෑනිට වැඩේ නියමෙට තේරුණා. 
 
එතකොට අර සල්ලි නැව ආවේ නැතුවට 
ප්‍රස්නකුත් නෑ.. 
 
සල්ලි අච්චු ගහන්න ඕනෙත් නෑ.. 
 
ගෑනිට හරි සතුටුයි.. 
 
හොදයි එහෙනම් සිරිපාල ගේ කඩේට ගිහින් රෑට කන්න පාන් ගෙඩියක් ගේනවා.. 
 
අපොයි බෑ.. 
ඕකා unp.  දේශද්‍රෝහී එකෙක්.. ඌ නිකන් දෙන්නේ නෑ.. 
 
අර නිමල් ගේ කඩේට යන්න ඕනේ ඌ පොහොට්ටුවේ එකා ඌ මෙලහටත් බඩු නිකන් දෙනවා ඇති මං ගිහින් එන්නම්.. 
 
හරි හරි ගිහින් අරන් එනවා.. 
බඩගිනි යි.. 
.... 
 
#චමින්ද-ගුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න