කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් !

කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් !

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.

ප්‍රවීන්, බග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගනිමින් ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය.

අකිල ධනංජය 2018 වසරේ ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීය.

විසිදෙහැවිරිදි ප්‍රවීන් පළමු ඉනිමේදී දවාගත් කඩුලු හය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේදී ඉනිමකදී දක්‍ෂතම පන්දු යැවීමේ වසර 40 ක් පැරණි වාර්තාව බිඳ දැමීමකි.

හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් චන්දන 1999 වසරේ පාකිස්තානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 179 කට කඩුලු 6 ක් දවාගනිමින් මීට පෙර වාර්තාවට හිමිකම් කීය.

(lankadeepa )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න