ටජ් මහලේ කොත් ගැළවෙයි

ටජ් මහලේ කොත් ගැළවෙයි

ඉන්දියාවේ ආග්‍රා හී පිහිටි කොව ප්‍රකට ටජ් මහලේ ප්‍රවේශ දොරටුව අසල කුළුණේ කොත් දෙකට දැඩි හානි සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පැයට කිලෝමීටර් 130 ක පමණ වේගයෙන් එම ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළඟ නිසා.

මේ වන විටත් එම හානියට පත්වූ කුළුණු කොත්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

ටජ් මහල 17 වන සියවසේ ඉදිකරනු ලැබුවක් වන අතර එය ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් තිබෙන ස්ථානයක් ලෙසත් සඳහන්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න