ක්‍රිකට් ලොව පිස්සු වට්ටපු IPL හඳුන්වාදුන් Impact Player !

ක්‍රිකට් ලොව පිස්සු වට්ටපු IPL හඳුන්වාදුන් Impact Player !

මේ වන විට ආරම්භ වී ඇති 2023 IPL තරගාවලිය සඳහා නවතම නීතියක් හඳුන්වා දී තිබේ.

ඒ, Impact Player හෙවත් වඩා ත් බලපෑම්සහගත ක්‍රීඩකයාගේ නීතිය යි.

මෙම නව හඳුන්වා දීම ගැන ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.

මෙම විශේෂ ක්‍රීඩකයා සම්බන්ධ නීති මොනවා ද?

මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ප්‍රධාන කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කළ හැකි අතර ඉන් එක් ක්‍රීඩකයෙකු Impact Player ලෙස නම් කෙරේ.

ඔහු නම් කෙරෙන්නේ, කාසියේ වාසිය තෝරා ගැනීමෙන් අනතුරුව ය.

තණතීරුවේ තත්ත්වය, ප්‍රතිවාදී කණ්ඩායමේ සංයුතිය ආදී කරුණු සලකා බලා Impact Player නම් කළ හැකි ය.

තරගය ආරම්භ වීමට පෙර, පන්දු වාරයක් අවසානයේදී සහ ඉනිමක් ආරම්භ වීමට පෙර එම විශේෂ ක්‍රීඩකයා පිටියට කැඳවිය හැකි ය.

කෙසේ වෙතත්, විදෙස් ක්‍රීඩකයින් 4 දෙනා ම කණ්ඩායමට ඇතුළත් කර ඇති අවස්ථාවකදී Impact Player ලෙස නම් කළ හැක්කේ, ඉන්දීය ක්‍රීඩකයෙකු පමණි.

එම ක්‍රීඩකයා කැඳවීම සඳහා කණ්ඩායමේ වෙනත් ක්‍රීඩකයෙකු ඉවත් කළ යුතු ය.

එලෙස ඉවත් කෙරෙන ක්‍රීඩකයා නැවත ක්‍රීඩා කිරීම සඳහා පිටියට කැඳවීමක් සිදු නොකෙරේ.

Impact Player ලෙස නම් කෙරෙන ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට සහ පන්දු යැවීමට ද අවස්ථාව හිමි වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න