ආචාර්ය ලෙස්ටර්ගේ මළ ගෙදරට හොරු පැනලා : “රණමයුර" පදක්කම උස්සලා

ආචාර්ය ලෙස්ටර්ගේ මළ ගෙදරට හොරු පැනලා : “රණමයුර" පදක්කම උස්සලා

ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට  හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” ඊයේ (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටින්නේ කොළඹ බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බවය. 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ  අවසන් කටයුතු සිදුවූ ඊයේ දිනයේ දේහයට  අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි  නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවද වාර්තා වෙයි.

Lester Rana Mayura 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න