ආණ්ඩුව, ස්වේච්ඡා සංවිධාන, මාධ්‍ය ආයතන මෙන්ම මේ දවස්වල පාසල් දරුවන් වෙනුවෙන් පොත් බෙදන තවත් කෙනෙක් සිටී. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
ඔහුගේ පොත් බෙදීම ‘ආදරේ’ ලෙස නම් කර තිබේ.
පසුගිය දිනක නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් කොත්මලේ සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල පොත් පමණක් නොව ආදරයද බෙදා දුන්හ.
එදින නාමල්ට දිවා ආහාරය ගැනීම සඳහා අලුත බැඳපු මනාලයා වන ජීවන් තොණ්ඩමන් සිය නිවෙසට ආරාධනා කර තිබිණි. නාමල්ට කෑමට නිර්මාංස ආහාර වේලක් ජීවන් සහ ඔහුගේ අලුත බැඳපු මනමාලිය විසින් සූදානම් කර, දවල් දොළහේ සිට බලා සිටි නමුත්, නාමල් කෑමට එන විට හවස හතරත් පසු වී තිබිණි. එදින නාමල් සමඟ ආහාර ගැනීමට බලා සිටි තොණ්ඩමාන් යුවළට නාමල් එන තුරු බඩගින්නේ බලා සිටීමට සිදු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
