Image

ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුව ජුලි 30 දක්වා කල් තබයි

ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුව ජුලි 30 දක්වා කල් තබයි

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති දූෂණ නඩුව ඊයේ (22) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

මෙම නඩුවෙහි චෝදනාව වන්නේ පසුගිය 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මව්බිම, ලංකාදීප, රිවිර, සිලෝන් ටුඩේ ඇතුළු පුවත්පත් 11කපළ කර තිබූ විශේෂ අතිරේක සඳහා සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අරමුදල් අයථා ලෙස භාවිත කරමින් රජයට රුපියල් 1,748,877.76 ක (ලක්ෂ 17කට අධික) මුදලක් පාඩු කර ඇති බවයි.

ඒ අනුව දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන ජූලි මස 30 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න