පොහොට්ටු මන්ත්‍රීලා බූරු පොළේ සූදු කෙළියේදී මාට්ටු !

පොහොට්ටු මන්ත්‍රීලා බූරු පොළේ සූදු කෙළියේදී මාට්ටු !

නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන පළාත් පාලන අමාත්‍යවරුන් දෙදෙනෙකුද වන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුක් මත අදාළ සුදූකෙළිය පවත්වාගෙන ගිය නිවස වටලා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් නවගත්තේගම පොලිසියට රැගෙන එමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

සැකකරුවන්ට යළි හෙට (22) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද පොලිසිය දන්වා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න