නිල්මිණි සිගේරට ජාත්‍යන්තර සම්මානයක් !

නිල්මිණි සිගේරට ජාත්‍යන්තර සම්මානයක් !

ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන "යශිකෝ මුතු" සම්මානය දිනා ගත්තාය.

ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් මාර්තු 08 වන දින සිට මාර්තු 17 දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවරදී පැවැත්විණි.

සම්මානිත ලේඛක සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත "අසන්ධිමිත්තා" නවකථාව ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මෙම චිත්‍රපටය නිපදවා තිබේ.

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතුවලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි.

නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර, ඇය රඟ පෑ පළමු චිත්‍රපටය මෙය වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න