තජුඩීන් ඝාතනය : 'පරීක්ෂණ නවත්වන්න එපා' - ජනපතිගෙන් නියෝගයක්

තජුඩීන් ඝාතනය : 'පරීක්ෂණ නවත්වන්න එපා' - ජනපතිගෙන් නියෝගයක්

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිවරයාගේ නියමය මත ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු දැනුම්දුන් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් සමග අලුත් ආණ්ඩුවක් සැදීමට යන බැවින් රාජපක්ෂවරුන්ට එරෙහි වංචා දුෂණ හා මිනීමැරුම් සම්බන්ධ පොලිස් විමර්ශන තාවකාලිකව නවතා ඇතැයි යන රාවය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී එම පොලිස් නිලධාරියා එබව සඳහන් කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස සැලකෙන රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු නව අදියරකින් ආරම්භකර ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව, පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ උ. පො. ප. රත්නප්‍රිය මහතා ඇතුලූ නිලධාරීන් ඊයේ (16) අධිකරණය වෙත මෝසමක් ගොනු කරනු ලැබූ බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර සොයයි

එම මෝසමට අනුව තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය ඊයේ (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය.2012 මැයි මස 17 වැනිදා රාත්‍රී 12.32ට මරණකරුගේ ජංගම දුරකතනය පැමිණී අංක 0773554441 දරන අංකය මගින් ලද මග හැරුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඇතුලත්ව නොමැති බැවින් එම මග හැරුණු ඇමතුම සම්බන්ධ කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව 1979 ආක 15 දරන අපරාද නඩු විධාන සංග්‍රහ පනතේ 134 වගන්තිය ප්‍රකාරව ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා වෙත මෙම නියෝගය අධිකරණය මගින් නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න