Language Switcher

V2025

කෝවිඩ් -19 වෛරසය චීනයේ රසායනාගාරයක සෑදු බව ප්‍රංශ මහාචාර්‍යවරයෙක් සහතික කරයි.....

කෝවිඩ් - 19 වෛරසය පැමිණෙන්නේ වුහාන් හී පිහිටි වන සතුන් අලෙවි කරන වෙළඳ පොලක සිදු වූ අපවිත්‍ර වීමක් නිසා යැයි තමා විශ්වාස නොකරන බවත්, එය කෙසේවත් විය නොහැකි දෙයක් බවත්, එය ලස්සන පුරාවෘත්තියක් පමණක් බවත් පවසන ප්‍රංශ ජාතික මාහාචාර්‍ය ලූක් මොන්තාඥියෙර් ( Luc Montagnier ) මෙම වෛරසය පිට වී ඇත්තේ වුහාන් හී පිහිටි අධි ආරක්ෂික රසායනාගාරයකින් බවත් තමා සහතික කරන බව පවසයි.

වුහාන් නගරයේ පිහිටි මෙම රසායනාගාරය 2000 වසරේ මුල සිට මෙම කිරීටක වෛරසය පිළිබඳව විශේෂඥතාවයක් ලබා තිබෙන බව ද මහාචාර්‍යවරයා කියා සිටී.

මාහාචාර්‍ය ලූක් මොන්තාඥියෙර් යනු ඒඩ්ස් වෛරසය සොයා ගැනීම වෙනුවෙන් සම දායකත්වය සපයා වර්ෂ 2008 දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබේල් ත්‍යාගය හිමි කර ගත් ප්‍රංශ ජාතික වෛරස් විශේෂඥයෙකි.

මහාචාර්‍ය ලූක් තම ගණිතඥ සගයකු වන ජොන් ක්ලොඩ් පෙරේස් ( Jean - Claude Perrez ) සමඟ එක් වී නව කොරෝනා වෛරසයේ කුඩාම අනු පිළිබඳව විශ්ලේෂණය කර ඇති අතර, එහිදී මෙම වෛරසයේ ජානමය අනුපිළිවෙල HIV වෛරසයේ ජානමය අනුපිළිවලට සමාන බව සොයා ගෙන තිබේ.

මාහාචාර්‍ය ලූක් ට අනුව චීනයේ වූහාන් රසායනගාරය, HIV වෛරසය සඳහා එන්නතක් සෑදීමට ගත් උත්සාහයක් ගෙන ඇති අතර , එ් අනුව නව කොරෝනා වෛරසයේ ජාන තුළට HIV වෛරසයේ අනුක්‍රමිකය ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් තමා මෙම උත්සාහය හඳුන්වන්නේ මන්තර ගුරුකම් කරන ආධුනිකයෙකුගේ උත්සාහයක් ලෙස බවත් මහාචාර්‍ය ලූක් පවසයි.

තමන් පමණක් නොව ඉන්දියානු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ද මේ පිළිබඳව අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බවත් ඔවුනට ද මෙම නව කොරෝනා වෛරසයේ ජානමය අනුපිලිවෙල තුළ වෙනත් වෛරසයක අනුපිලිවෙලක් ඇතිබවට පෙනී ගොස් තිබුණ නමුත් ඔවුන් එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන්ට එම පර්යේෂණයෙන් ඉවත් වීමට සිදු වූ බවත් මහාචාර්‍ය ලූක් පවසනවා.

නව කොරෝනා වෛරසය රසායනාගාර අනතුරක ප්‍රතිඵලයක් බවට මහාචාර්‍ය ලූක් පවසා සිටින්නේ ,විද්‍යාත්මක ප්‍රජාවගේ සාමාජිකයන් කිහිප දෙනකු සමඟ එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් මතු කර ගත් න්‍යායක් පදනම් කර ගෙන බව ලූක් තව දුරටත් කියා සිටිනවා.

ඒඩ්ස් වෛරසයට එන්නතක් නිපදවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසය ඇති වූ බවට මහාචාර්‍ය ලූක් කරන ප්‍රකාශය විද්‍යාත්මක ලෝකය තුළ මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති කොට තිබෙනවා.

නව කොරෝනා වෛරසය තුළ HIV වෛරසයේ ජානමය මූලද්‍රව්‍ය මෙන්ම , මැලේරියා විෂබීජයේ ජානමය මූලද්‍රව්‍ය තිබෙන බවත් මහාචාර්‍යවරයා විසින් සිදු කර ඇති සැම සම්මුඛ සාකච්ඡාවකදීම ප්‍රකාශ කොට තිබේ.

කොරෝනා වෛරසයේ ඇති ලක්ෂණ ස්වභාවිකව ඇති විය නොහැකි බව පවසන මහාචාර්‍යවරයා, මෙම විදේශීය මූලද්‍රව්‍යන්ගෙන් යුත් වෛරසය වායුගෝලයෙන් පවා ඉවත් කළ යුතු බවට යෝජණා කරනවා.

නව කොරෙනා වෛරසය ආරම්භයේ සිටම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හඳුන්වනු ලැබුවේ " චයිනා වෛරස් " යන විශේෂණ පදය යොදා ගනිමිනි. ලොව බොහෝ රටවල් සහ පුද්ගලයන් ට්‍රම්ප් ට එරෙහිව විවිධ අදහස් ප්‍රකාශ කරන්නට පෙළඹුණු අයුරු අප දුටුවෙමු.

නව කොරෝනා වෛරසය " චීන වෛරස් " ලෙස හඳුන්වන විට චීනය ඊට පිළිතුරු දුන්නේ ඇමරිකානු සොල්දාදුවන් විසින් එම වෛරසය තම රටට ගෙනවිත් ඇති බව පැවසීමෙනි. නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මෙම නව කොරෝනා වෛරසයේ හිමිකරු චීනය බව තෙරුම් ගෙන තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල් අතුරින් ප්‍රංශයේ ජනාධිපතිවරයා ද මේ වන විට කොරෝනා වෛරස් අර්බුදයේ චීන භූමිකාව පිළිබඳව ඉතා දැඩි හා සෘජු ප්‍රකාශයක් සිදු කර තිබේ.

මේ අතර ඊයේ (අප්‍රේල් 17 ) දිනින් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ කොරෙනා ආසාදිතයන් 761 ක් මිය ගොස් තිබුණි.

සමස්ත ආසාදිතයන් ගණන 1, 68, 241 කි. පැය 24 ක් තුළ හදුනගෙන තිබූ ආසාදිතයන් ප්‍රමාණය 3, 214කි.

ඊයේ වන විට ප්‍රංශය තුළ මිය ගොස් තිබූ ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 18, 681 කි.

රෝහල්ගත සංඛ්‍යාව 31, 190 ක් වන අතර, දැඩි සත්කාර ඒකකවල සිටින ප්‍රමාණය 6, 027 කි.

රෝහල්වලට පැමිණීමෙන් පසුව සුව වී පිටව ගොස් ඇති පුද්ගලයන් ප්‍රමණය 34, 420.

මරණ සංඛ්‍යාවේ අනුපාතය මේ වන විට වේගවත් වී ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් පවසයි. ඔහුට අනුව මාර්තු මැද භාගයේ සිට මෙම ඉහළ යෑම සිදු වී තිබේ.

12 වන සතියෙ 16% ක් වූ මරණ අනුපාතය 13 වන සතියේදී 35% ක් ද, මාර්තු 30 සිට අප්‍රේල් 05 දක්වා වූ 14 වන සතිය් වන විට එය 59.6% දක්වා සීඝ්‍ර වර්ධන මට්ටමකට ගමන්කර තිබේ.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන් )