Language Switcher

V2025

ආසාදිතයින් 471ක් දක්වා ඉහළට : ගෝඨා "ස" ෆේල්ද? : අජිත් පවිත්‍රාට දාපු ප්‍රශ්න ටික !

අද (26) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය   ආසාදිතයින් ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 344 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් වසංගතය ආශ්‍රිතව ආසාදිත රෝගීන් සංඛ්‍යාව වැඩි වැඩියෙන් වාර්තා වෙමින් තිබේ.
 
කොවිඩ් වසංගතය හමුවේ ගෝඨා  ස ෆේල් ද ?
 
මේ අතර ද ලීඩර් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ  කොරෝනා වසංගත තත්ත්වය දවසින් දවස බරපතල වෙමින්, ජනතාව නිවෙස් වල කොටුවී සිටින තත්වය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට දැඩි විවේචනයක් එල්ල වෙමින් තිතිබෙන බවය.

 ඒ ඔහු වසංගත තත්ත්වය කළමනාකරණය කිරීමට අසමත්ව ඇති බවට චෝදනා කරමින් බවත් එහි සඳහන් ය.

එම පුවතෙහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි .

ඇතැම් සමාජ මාධ්‍ය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව මේවනවිට හාස්‍යයට ලක්කර ඇත්තේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේනව ද අභිබවමිනි.

ආපදා කලමනාකරණ පිලිබඳ ව්‍යවස්ථාපිත අනපනත් හා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් සිටියදී ජනාධිපතිවරයා ඔහුට හිතවත් කිහිප දෙනෙකු පමණක් ලංකර කරගනිමින් 'අටවාගත් කමිටුවක්' හරහා සිදුකරන කොරෝනා මෙහෙයුම් වල දී ආණ්ඩුවේ ප්‍රබලයින් පවා නොසලකා හැර ඇති බව එවැනි එක් චෝදනාවකි.

කොරෝනා වෛරසය හමුවේ ඔහුගේ ව්‍යාපාරික හිතමිතුරු මාධ්‍ය ජාල ප්‍රධානින් ජාතිවාදය උසිගැන්වීමේ නියැලෙමින් සිටීමට ද ජනාධිපතිට එල්ලවී ඇති චෝදනාවකි.

නාවික හමුදා සෙබළුන් විශාල පිරිසකට කොරෝනා ආසාදනය වීමේ සිද්ධිය මේවනවිට ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට බරපතල කැළලක් වී ඇත. වසංගත තත්වයක් පාලනය කිරීමට පුහුණුවක් ලබා නොමැති හමුදා සාමාජිකයින් ඊට අවශ්‍ය ඇඳුම් පැළදුම් හෝ ආරක්‍ෂිත උපකරණ පවා ලබානොදී කොරෝනා මෙහෙයුම් වලට යෙදවීම ජනාධිපතිවරයාට එල්ල වී ඇති  බරපතල විවේචනයකි.

එසේම, කොරෝනා මර්ධනයට විදෙස් රටවලින් ලැබුන කොටි ගණනක මුල්‍යාධාර කළමනාකරණය තම සොයුරකු යටතට පවරා තිබීමද ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාවකි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමතිනි තලතා අතුකෝරල මේ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කළාය.

 හරි ගියාම ආන්ඩුව, වැරදුනාම ජනතාව !

 මේ අතර  හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ එවැනි ජනතා ප්‍රතිචාරයක් පහත දැක්වෙයි.
 
එහි අවධානය යොමු කර ඇත්තේ "හරි ගියාම ආන්ඩුව, වැරදුනාම ජනතාව “ යනු මෙන් ආණ්ඩුව සම්බන්ධව මේ වන විට මහජ මාධ්‍ය තුළ බරපතල ලෙස ඇති විවේචනය සම්බන්ධයෙනි.
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියට ජනතාවගෙන්  ප්‍රශ්න මාලාවක් ? ( මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද බව සලකන්න )
1. චීනේට වයිරසය ආ ගමන්ම රනිල් වික්‍රමසිංහ ඉන්දියාවෙන් මුහුනු ආවරන ඉල්ලද්දී එපා, තාම එහෙම අවශ්‍යතාවක් නෑ කිව්වේ, ජනතාවද ? ආන්ඩුව ද? 
2 .සජිත් ප්‍රේමදාස ජනවාරි මාසයේ  සහ පෙබරවාරි මාසයේ දේපාරක්ම කොරොනා වසංගතය පිළිබඳ රජයේ සුදානම පිළිබඳ  පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කරනවිට උපහාසයෙන් සහ නොසැලකිලිමත්ව පිළිතුරු දුන්නේ ඔබද ? ජනතාවද ?
3. කොරෝනා ආසාදිතයින්ට  ලoකාවට එන්න බැරිය, එයාර්පෝර්ට් එකේ ලෙඩ අල්ලන මැෂින් හයිකරලා තියෙන්නේ කියලා කීවේ ජනතාව ද? ආන්ඩුවේ ඇමති දිනේෂ් ගුනවර්ධනද?
 
4. මුල් අවස්තාවේදීම පැමිණෙන අයව නිරෝධනය කිරීම සදහා මද්‍යස්තානයක් හැදල ඉදි කිරීමට එරෙහිව උද්ඝෝෂණ කෙරෙව්වේ ජනතාව ද? ආන්ඩුවේම ඇමතිවරු ද?
 
5. කොරෝනා අවදානම තිබියදීත් ඉන්දියාවෙන් ආපු අය නිරෝධනයට ලක් නොකර රට තුලට යැව්වේ ජනතාව ද? ආන්ඩුව ද?
 
6.1සෞඛ්‍ය අoශ , වෛද්‍ය සංගමය ,රට වහන්න කියද්දී "රෝගින් 28 ක් තියාන රට වහන්න පිස්සුද.." කියලා ඇහුවේ ජනතාවද ? ආන්ඩුව ද?
 
6.2 ඇමති පුත්තූ ලන්කාවට එනකන්ම එයාර්පෝර්ට් ඇරන් හිටියේ ජනතාවද? ආන්ඩුවද?
 
7. ඇදිරිනීතිය අක්‍රමවත්ව ඉවත් කිරීමෙන් හා පැනවීමෙන්ද , අත්‍යාවශ්‍ය භාන්ඩ අඩු මිලට සතොස හරහා පමනක් දීමෙන් මිනිස්සු පෝලින්වල තියලා අනතුරට පත්කලේ ජනතාවද ? ආන්ඩුව ද?
 
8. ඉන්ධන මිල අඩුවිමෙන් ලැබුණු සහනය සියලුම භාන්ඩ හා සේවාවලට නොදී සැමන් සහ පරිප්පුවලට පමණක් දී මිනිසුන්ගේ  දී ජීවනබර අඩු නොකරේ ජනතාවද ? ආන්ඩුවද?
 
9. මනා පුහුණුව ලබා සිටින CBRN වගේ  හමුදා ඒකකයන් තිබියදී ,නේවි එකේ අයව ආසාදිතයින් පරික්ෂාවන්ට යොදා ගත්තේ කවුද? යොදා ගත්තා නම්, ඒ අයව නිවරදිව පරීක්ෂා නොකර නිවෙස්වලට යාමට අවසර දුන්නේ ජනතාවද ? ආන්ඩුවද? 
 
10. "කොරෝනා අප්‍රේල් 19 ඉවරවෙනවාය.."  කියලා කීවේ ජනතාවද? ආන්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවන ඔබද ?
 
11. පිටරටවල අවලoගු කල ඡන්ද නොපෙන්වා ,ද කොරියාවේ පැවති එකම එක මැතිවරණය පිළිබඳ ජඩමාධ්‍ය හරහා විකාශනය කොට ,කොරෝනා වියාප්තවීම අඩු බව හගවා රටේ මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් , ඇති කරේ ජනතාව ද? ආන්ඩුව ද? 
 
12. කොරෝනා වලට වඩා රටේ මැතිවරණය වසංගතය මැද වුවත් පැවැත්වීම වැදගත් බව මහජනයාගේ මනසේ මතය හැදුවේ ජනතාව ද?  විමල් විජේදාස සහ තිලංග වගේ ආන්ඩුවේ ඇමතිවරුද ?  ජුනි 2 කලින් මහ මැතිවරණය පවත්වනු කියලා මැතිවරණ කොමිසමට තර්ජනය කලේ අගමැති මහින්ද ද? ජනතාවද? 
 
13. තාම කිසිම රටකට කිසිම පුර්ණ ආරක්ෂාව සහතිකයක්වත් දීගන්න බැරුව තිබියදී ,බොරු සමීක්ෂණ වාර්තා හදලා ලෝකෙන්ම කොරොනා පාලනය කල රටවල් අතර 09 වෙනි තැන ඉන්නවා කියලා රටේ ජනතාව රැවට්ටුවේ ජනතාව ද? ආන්ඩුව ද?
 
14. සෞඛ්‍ය අoශ අදිමදි කරද්දීම මහ මැතිවරණය වෙනුවෙන් අප්‍රේල් 20 දින රට විවෘත කරේ ජනතාවද ? ආන්ඩුවද? 
 
15. වසංගතයේ බරපතලකම දිනෙන් දින ඉතාමත් වේගවත් වෙද්දී තාම පොර ටෝක් දෙන්නේ ජනතාවද? ජඩමාධ්‍ය හරහා ආන්ඩුවද ? 
 
දැන් එතකොට ,මේ සියල්ලටම වැරදිකරැවන් ජනතාව කියලා ඔබතුමිය කියන්නේ වැරදිලා ද?  නෑත්නම්  "හරි ගියාම ආන්ඩුව, වැරදුනාම ජනතාව “ කියන පරම සත්‍යය නිසාද?