කොවිඩ් රෝගීන් 557 යි : ඡන්ද පෝලිමේ සිටීම සතොස පෝලිමේ ඉන්නවා වගේ - දිළුම්

කොවිඩ් රෝගීන් 557  යි : ඡන්ද පෝලිමේ සිටීම සතොස පෝලිමේ ඉන්නවා වගේ - දිළුම්
තමන්ගේ නායකයන් පත් කර ගැනීමට අවශ්‍ය අයට ඡන්ද පොලට ගොස් ඡන්දය දැමීම මහා ලොකු කරුණක් නො වන බවත් එය සතොස පෝලිමේ හෝ බැංකු පෝළිමේ සිටිනවා වැනි කටයුත්තක් බව හිටපු අමාත්‍ය ,පොදු ජන පෙරමුණ මා නුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම පවසයි.
 
ඔහු ඊයේ (26)  මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන අතර විපක්ෂයට මැතිවරණ භීතියක් ඇති බවත් සියල්ලට පෙර ඊට බෙහෙතක් සොයා දිය යුතු බවද පැවසීය.
 
පසුගිය සමයේ විවිධ හේතු කීමෙන් ජන්දය  කල් දැමූ විපක්ෂය අද  ඡන්දය කල් දැමීමට කොරෝනා වෛරසය ගෙන ඇති බවත් පැවසීය.
 
කොවිඩ් තත්ත්වය !
 
අද (27) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 557 ක් කෝ ඉහළ ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව  424කි. 126 ක් සුභ ඔයා ලබා පිටව ගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න