රෝගීන් 523ක් දක්වා ඉහළට : ත්‍රිවිධ හමුදා නිරෝධායනයට කොළඹ පාසල් අරගෙන !

රෝගීන් 523ක් දක්වා ඉහළට : ත්‍රිවිධ හමුදා නිරෝධායනයට කොළඹ පාසල් අරගෙන !

අද (27) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 523 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

එසේම මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇති අතර මේ වන විට එම ප්‍රමාණය 396ක් ලෙස වාර්තා වෙයි.
 
එමෙන්ම සුවවූ ප්‍රමාණය 120ක් ලෙසත් මරණ 07ක් ලෙසත් එම වාර්තා දක්වයි.
 
දිනක් තුළ වැඩිම රෝගීන් ඊයේ  වාර්තා වෙලා !
 
මේ අතර ඊයේ (26) දිනය තුළ පමණක් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 63ක් වන අතර එය මෙතෙක් එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ප්‍රමාණය ලෙස වාර්තාවී තිබේ.
 
වාර්තාව ඇති  ආකාරයට මෙම ආසාදිත  63න් 53ක් වැලිසර නාවික හමුදා කඳවුරට සම්බන්ධ නිලධාරීන් ය. එසේ ම වැලිසර නාවික හමුදා කඳවුර කේන්ද්‍ර කරගනිමින්  කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල කෑගල්ල අනුරාධපුර බදුල්ල රත්නපුර අම්පාර වව්නියාව ත්‍රිකුණාමලය මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් ද ආසාදිතයන් වාර්තා වී ඇත.
 
කොළඹ පාසල් ත්‍රිවිධ හමුදාවට !
 
රාජකාරි නිමා කර යන ත්‍රිවිධ   හමුදා සාමාජිකයන් සහ  රාජකාරි වෙත වාර්තා කරන හමුදා සාමාජිකයන්  ඊට පෙර නිරෝධායනයට  ලක් කිරීම සඳහා කොළඹ පාසල් යොදා ගැනීමට බලධාරීන් තීරණය කර ඇත.
 
ඒ අනූව මේ වන විට කොටහේන මධ්‍ය විද්‍යාලය සහ බත්තරමුල්ල සුභූති විද්‍යාලය  ඊට යොදා ගෙන ඇති බවත් ඉදිරියේ දී කොළඹ රාජකීය විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය , මහානාම විද්‍යාලය , ඩී.එස්. සේනානායක විද්‍යාලය මේ සඳහා යොදා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
 
මේ යටතේ හෙට (28) රාජකීය විද්‍යාලය සහ හින්දු විද්‍යාලය ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා වෙන්කිරීම සිදුවන බවත් වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් NHM චිත්‍රානන්ද පවසා ඇත්තේ රජය සිදුකළ ඉල්ලීම අනූව පාසල් ලබාදීමට විදුහල්පතිවරුන් දැනුවත් කළ බවය.

මූලාශ්‍රය ada.lk

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න