බැංකු සහ ලීසිං සමාගම් පීඩාවන්ගෙන් ජනතාව මුදවා ගන්න රජය මැදිහත් වෙන්න - රවී (වීඩියෝ )

බැංකු සහ  ලීසිං සමාගම් පීඩාවන්ගෙන් ජනතාව මුදවා ගන්න රජය මැදිහත් වෙන්න - රවී (වීඩියෝ )

"රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් නිසා නොවෙයි, මූල්‍යමය දුෂ්කරතා ඇතිවී තිබෙන්නේ. ඒ නිසා අහිංසක ජනතාවට බැංකු පද්ධතිය මෙන්ම ලීසිං සමාගම් වැනි ආයතන  තුළින් එල්ලවන පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීමයි රජයක් වශයෙන් කළ යුත්තේ. කොරෝනා යුද්ධයෙන් දිනලා, ආර්ථික යුද්ධයෙන් පරාජය වුණොත් අපට මොකද වෙන්නේ. ඒකත් හරියට කොරෝනා හැදුනා වාගෙ වෙනවා නේද. 

අන්න ඒ නිසා, මොන යුද්ධය දිණූවත්, ආර්ථික යුද්ධය දිනන්නත් අපි කටයුතු කළ යුතුමයි. වෛරසය නැති කරන ගමන්ම අපි අපේ රටේ ආර්ථිකය ජය ගතයුතුයි. මේ වනවිට වැටී තිබෙන මේ රටේ ආර්ථිකය, නැවතත් රටක් වශයෙන් ‍නගා සිටුවීමට අපි සියලු දෙනාම එකාමෙන් එක් වියයුතුයි. මේ වනවිට යම් පිරිස් වලට රු. 5000ක දීමනාවක් ලැබිලා තිබෙනවා.  ඒ ආකාරයේ ජනතාවට සුබසාධනය සැලසිය යුතුයි. නමුත් ඒ රු. 5000 ක දීමනාව ලබාදීමෙන්ම පමණක් සියල්ල අවසන් කළයුතු නැහැ. තවත් කළයුතු වැඩපිළිවෙල රාශියක් තිබෙනවා. ආර්ථිකය ජයගත හැකි වැඩපිළිවෙලක් ඇතිකළ යුතුමයි. රටක් වශයෙන් අපට නැතිවූ සල්ලි නැවතත් ආර්ථිකයට ගෙන ආ හැක්කේ කොහෙමද, දෛනික ජන ජීවිතයට මුදල් සොයාගත හැක්කේ කෙසේද යන්න අපි විමසා බැලිය යුතුයි." යැයි හිටපු මුදල් අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක අවධාරණය කරයි.

ඔහු  මෙම අදහස් පළකළේ, ඊයේ (26) දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

"දැන් එළඹිලා තියෙන්නේ කතා කරන අවස්ථාවක් නොවෙයි, මේ බයංකාර තත්ත්වයෙන් ගොඩ ඒම සදහා සැවොම එකාමෙන් එක්වී වැඩකළ යුතු අවස්ථාවක්. පසුගිය සමයේ  ආරක්ෂාවෙලා තිබුණ කොළඹ වැනි ප්‍රදේශ වලත් මේ වනවිට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙනවා. ජනතාවගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් තමයි මේ ආකාරයට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. අද අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ, පෙනෙන සතුරෙක් සමග නොවෙයි. නොපෙනෙන සතුරෙක් සමගයි. ඒක වඩාත් භයානකයි. වයසක්, පාටක් නොමැතිව මේ සතුරා සටන් වදින නිසා අපි වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි. කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමට ජංගම ස්ථාන ඇති කළ යුතුයි. ඒආකාරයෙන් මෙම වෛරසය මැඩපැවැත්වීඹට කටයුතු කළ යුතුයි.  ප්‍රථමයෙන්ම අපේ සෞඛ්‍ය සේවය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි. ඉන් අනතුරුව සියලු ජනතාව ආර්කෂා කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ මේ වෛරසය අඩු කිරීම නොවෙයි, නැති කිරීමයි. 

පාර්ලිමේන්තුව කැදවීම හෝ ඡන්ද තැබීම නොවෙයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ. රට වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමයි අත්‍යාවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ බාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි. පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැතිනම්, බාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි කියන නීතිමය තත්ත්වයක් නේද උදා වෙන්නේ. 

දුරකතන සේවා ආයතන වලට අපි ස්තූතිවන්ත වෙනවා සම්බන්ධතා විසන්ධි නොකර තිබිම සම්බන්ධව. ජනතාවට මේඅවස්ථාවේ බිල්පත් ගෙවීමේ දුෂ්කරතා තිබෙනවා මේ පවතින වාතාවරණය හමුවේ. ඒ  නිසා අහිංසක ජනතාවට මෙම පීඩාකාරී කාලසීම තුළ දුරකතන සබදතා විසන්ධි නොකරන ලෙස අපි කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ පරම යුතුකම . ඒ තුළින් අපි රට ආරක්ෂා කළ යුතුයි.

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටලු. ඒ වගේම මේ අවස්ථාවේ අපට පැහැදිළිව දැකගත හැකියි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් කවුද , ඩීල්කාරින් කවුද කියන එක. එදා අපේ නායකයින් විසින් ඉතාමත් අසිරුවෙන් ගොඩනගාගෙන මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම අපේ යුතුකමයි"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න