Language Switcher

V2025

කොවිඩ් රෝගීන් 505 යි : හමුදාපතිගෙන් විශේෂ දැනුම් දීමක් !

අද (26) මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝගීන් වූ සංඛ්‍යාව 485ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා තහවුරු කරයි.

එසේම මේ වන විට 120ක් සුවවී රෝහල් වෙතින් පිටවගොස් ඇති අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇත.  කොවිඩ්  මරණ 7ක් සිදුවූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා පවසයි.

හෙට රටටම ඇඳිරි නීතිය : ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගුයි !

තවද කොළඹ , ගම්පහ , කළුතර ,පුත්තලම යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට (27) ඇඳිරි නීතිය ඉවත් කරන්න ගෙන තිබූ තීරණය වෙනස් කර ඇත.

ඒ ත්‍රිවිධ හමුදාවේ සියළු නිවාඩු අවලංගු කිරීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමටය. අදාළ සෙබළුන් වෙත පහසුවෙන් කඳවුරු වෙත ඒමට මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනූව හෙට ඇඳිරි නීතිය සමස්ථ රටටම බලපැවැත්වෙන බවත් සඳහන් ය.

මෙම ඇඳිරි නීතිය 28 වනදා එනම් එළැඹෙන අඟහරුවාදා පෙරවරු 5.00 ඉවත් කරන බවත් යළි එය එදින රාත්‍රි 8.00 ට පණවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ප්‍රවාහන පහසුකම් නැත්නම් ළඟම කඳවුරට එන්න - හමුදාපති 

මේ අතර නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම කඳවුරු වෙත ආපසු යාමට ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළඟම ඇති කඳවුරට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම  ත්‍රිවිධ හමුදා නිලධාරීන් නැවත ඔවුන්ගේ ස්ථාන වෙත වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව යුද හමුදා ප්‍රධානියා පවසා තිබේ.