පරිස්සමෙන් : Ransomware සයිබර් ප්‍රහාරවල ඉහල යාමක් !

පරිස්සමෙන් : Ransomware සයිබර් ප්‍රහාරවල ඉහල යාමක් !

බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ දිනවල Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. විශේෂයෙන්ම බොහෝ තරුණ පිරිස් මේ දිනවල විවිධ වර්ගයේ පරිගණක ක්‍රීඩා සහ පරිගණක මෘදුකාංග වල Crack විවිධ වෙබ් අඩවි තුලින් ලබාගැනීමට යාමේදී මෙසේ Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී තිබේ.

Ransomware මගින් ඔබගේ පරිගණකයේ පවතින වටිනා දත්ත ඔබට පරිගණකය හරහා දර්ශනය කරගත නොහැකි ආකාරයට Encrypt කිරීමක් සිදුකරනු ලබන අතර ඔබගේ වටිනා දත්ත නැවත යතා තත්වයට පත්කර ගැනීමට නොහොත් Decrypt කරගැනීමට ඔබට මෙම ප්‍රහාරය සිදුකරනු ලබන පිරිස වෙත කප්පම් මුදලක් ගෙවීමට සිදුවෙනු ඇත.

මෙම සයිබර් ප්‍රහාරයේ ස්වාභාවය කප්පම් ලබාගැනීම මත පදනම් වන බැවින් මෙය Ransomware නමින් හදුන්වනු ලබයි. Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වීමෙන් වැලකී සිටීම සදහා පරිගණක ක්‍රීඩා සහ පරිගණක මෘදුකාංග නිල වෙබ් අඩවි වලින් පමණක් ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික තරුණ ප්‍රජාවට අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න