සුදු වැල්ලේ කුඩ්ඩා අල්ලන්න ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට !

සුදු වැල්ලේ කුඩ්ඩා අල්ලන්න ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට !

ජාඇල  සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පිරිස නිරෝධානයට යොමු කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සමග එක්ව කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇත.

ඊයේ (28) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ බව පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පපවසා සිටියේ  "මාර්තු 26 වැනිදා පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමක් කළා. ඒ නිලධාරීන් නිවාඩු ලබාගෙන නිවෙස්වලට යෑම තුළ අවධානමක් ඇති වීම නැති කිරීමටයි. මහජනතාව පරීක්ෂා කිරීමේදී එක් නිලධාරියෙකුට පමණයි අපි අවස්ථාව දීලා තිබුණේ. ඔහු කහ පැහැති ආරක්ෂිත ඇඳුමකින් සූදානම් වෙලයි ඉන්නෙ. ඒ වගේම පොලිස් මාර්ග බාධක තුළ නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල, මුඛ ආවරණ, අත් සෝදන දියර ලබා දීලා තියෙනවා." යයනුවෙන් ය.

'රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා' 

රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

“මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.

දකුණු කොරියාවේ 31 වැනි ආසාදිත කාන්තාව ...

මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ – අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.

ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න