සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී කේ. කේ. එල්. චන්ද්‍රතිලක විසින් සමෘද්ධි නිලධාරීන්ගේ වැටුපෙන් රුපියල් 1000.00 ක් කප්පා ගැනීමට 2020.05.09 දිනැති DSD/HO/3/ACC/G-1 යන ලිපිය හරහා උත්සාහ දරා ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් වෙත අද (12) ලිපියකින් දැනුම්දෙමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අදාළ ලිපිය තුළ රුපියල් 1000.00 වැටුප කපනවාට අකමැති අයෙකු වෙතොත් ලිපියකින් දන්වන ලෙස සඳහන් කර අනිසි බලපෑමක් සිදුකර ඇති බවය.
සේවකයෙකුගේ වැටුපෙන් යම් මුදලක් කපා ගැනීමට කැමැත්ත සහිත ලිපියක් අවශ්‍යව තිබියදී අකමැති අයගෙන් ලිපියක් ලබා ගන්නේ කවර කරුණකටද යන්න කුතුහලයක් අප තුල මෙන්ම සේවකයින් තුලද මතුව ඇති අතර එයින් සේවකයින් හට අනිසි බලපෑමක්ද සිදු කර ඇති බව මනාව පෙන්නුම් කරන බවත් එහි සඳහන් ය.
එබැවින් අදාළ ලිපිය අවලංගු කරන ලෙසත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අමාත්‍යාංශ ලේකම් වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් අතර සම්පුර්ණ ලිපිය පහත දැක්වෙයි.
ලේකම්,
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය.
අධ්‍යක්ෂ ජනරාල්,
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.
#කොවිඩ් - 19 #Covid- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වයක් ලබා ගැනීම සඳහා ප‍්‍රධාන ගණකාධිකාරී විසින් එවන ලද 2020. 05. 09 දිනැති DSD/HO/3/ACC/G-1 යන ලිපිය අවලංගු කරන මෙන් ඉල්ලා සිටීම.
උක්ත ලිපියට අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී කේ. කේ. එල්. චන්ද්‍රතිලක මහතා විසින් සියළුම දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරු හා සියළුම ගණකාධිකාරවරුන් අමතා එවන ලද 2020.05.09 දිනැති DSD/HO/3/ACC/G-1 යන ලිපිය හා බැදේ,
02. වෘත්තීය සමිතියක ඉල්ලීමක් අනුව යැයි පවසමින් එකී සාමාජිකයින්ගේ මැයි මස වැටුපෙන් රු.1000.00 මුදලක් උක්ත අරමුදලට බැර කර එවීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබා දී ඇත.
03. තවද අකමැති අය වෙතොත් ලිපියකින් දැනුම් දිය යුතු බව ඉහත ලිපියෙහි 03 වන ඡේදයෙහි දක්වා ඇති අතර, යම් සේවකයෙකුගේ වැටුපෙන් යම් මුදලක් කපා ගැනීමට කැමැත්ත සහිත ලිපියක් අවශ්‍යව තිබියදී අකමැති අයගෙන් ලිපියක් ලබා ගන්නේ කවර කරුණකටද යන්න කුතුහලයක් අප තුල මෙන්ම සේවකයින් තුලද මතුව ඇති අතර එයින් සේවකයින් හට අනිසි බලපෑමක්ද සිදු කර ඇති බව මනාව පෙන්නුම් කරයි.
04. වෘත්තීය සමිති වල ඉල්ලීමට යැයි පවසමින් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් හට සේවකයින්ගේ මාසික වැටුප පිළිබඳව ඉහත ලිපිය පරිදි කටයුතු කල නොහැකි බව අප මෙයින් පෙන්නා දෙන අතර, ඉහත කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කර ප‍්‍රධාන ගණකාධිකාරී කේ. කේ. එල්. චන්ද්‍රතිලක මහතා විසින් එවන ලද 2020.05.09 දිනැති DSD/HO/3/ACC/G-1 යන ලිපිය අවලංගු කර බලපෑමකින් තොරව සේවකයින්ගේ කැමැත්ත මත අදාල කටයුත්ත සාර්ථක කර ගැනීමට කටයුතු කරන මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.
මේ පිළිබඳව ඔබ දක්වන සහය ඉතා අගය කොට සලකමු.
ස්තූතියි.
මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප‍්‍රධාන ලේකම්.