එල්ටීටීඊ සයිබර් ප්‍රහාරයක්! විරුවා අනාථයි!! (වීඩියෝ)

එල්ටීටීඊ සයිබර් ප්‍රහාරයක්! විරුවා අනාථයි!! (වීඩියෝ)

අද (18) හිරු නිව්ස් වෙත සයිබර් ප්‍රහාරක් එල්ලවී ඇති බවත් එය එල්ටීටීඊය විසින් සිදුකරන ලද බවත් හිරු පුවත් වාර්තා කරයි.

විශේෂයෙන් යුද සැමරුම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේ නමුත් 2009 වර්ෂයේ දී මේ රටින් එල්ටීටීඊය මුළුමනින්ම වනසා දැමූ බව වසර දහයකට අධික කාලයක් පුරා ප්‍රකාශ කළ නමුත් මෙම හිරු පුවතට අනුව එල්ටීටීඊය තවමත් සක්‍රීයව කටයුතු කරන්නේ දැයි සැකයක් මතුවනු ඇත. රාජපක්ෂ පාලනය පැවති සමයේ එල්ටීටීඊ යුද්ධය ජයග්‍රහණය කර ඒ හරහා නැවත නැවත් මේ රටේ බලය ලබාගැනීමට රාජපක්ෂවරු කටයුතු කළ නමුත් අද මේ පුවතත් සමග බරපතල ප්‍රශ්නාර්ථයක් සමාජය ඉදිරියේ ගොඩනැගෙනු ඇත.

මන්ද එදා යුද්ධය සඳහා නායකත්ව කාර්යභාරයක් ඉටු කළ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අද මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එල්ටීටීඊයට නැවත සක්‍රීය වීමට ඉඩහසර විවර වූයේ කෙසේද යන ගැටලුව නිසාය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති නමුත් එය එල්ටීටීඊය විසින් සිදුකළා යැයි තහවුරු කිරීමට තරම් සාධක නොමැති බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න