වෙබ් පුවත් වැඩ කරයි: ඉතාලිය වෙසෙන ලාංකිකයන් වෙනුවෙන් විදේශ ඇමතිගේ ඇස් ඇරෙයි..!

වෙබ් පුවත් වැඩ කරයි: ඉතාලිය වෙසෙන ලාංකිකයන් වෙනුවෙන් විදේශ ඇමතිගේ ඇස් ඇරෙයි..!

ඉතාලි තානාපති කාර්යාලය විසින් නැතිවුන පාස්පෝට් එක ලබා දීම සදහා අය කරන්නට යන යුරෝ 420ක අධික මුදලේ අවනඩුව ගැන සොයා බැලීමට දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍ය වරයා මැදිහත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදේශ ඇමතිවරයා ජනාධිපති සහ අගමැති සමග සාකච්ඡා කොට මේ පිළිබඳව කැබිනට්මණ්ඩයට යොමුකිරිමට නියමිතබව වැඩිදුරටත් වේ.

ඉතාලියේ සියළුම පළාත්වල සිටින පක්ෂ, විපක්ෂ පිරිස් මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියා කාරින් ,සමාජ ජලා හසුරවන්නන්,සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාව, වෙබ් මාධ්‍ය යනාදී සියල්ලන්ගේම විරෝධය  හමුවේ විදේශ ඇමති වරයාගේ දෑස් විවර වීම සතුටට කරුණකි.

සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් මාධ්‍ය මගින් එකවර දින ගනනාවක් තොස්සේ විරෝධය එල්ලවීමත් සමග ඉතාලියේ සිටින පොහොට්ටුවේ සමාජිකයන් පවා පසුව ඔවුන්ගේ දේශපාලන නායකන්ගෙන් ඉල්ලිම් කිරිමට කටයුතු කර තිබුන බව වාර්තා වේ.

ඇත්ත වශයෙන්ම මෙම විරෝධය අසරණ ශ්‍රී ලාංකිකයන් පිරිස වෙනුවෙන් සිදු කරන ලද ඉල්ලිමකී. පළමුව ජනතාවගේ සහන ගැන යොමු වීය යුතු බව වත්මන් රජයේ අවධානය යොමු වීම සතුටට කරුණකී.

හෙට දිනය වන විට හෝ සදුදා වන විට සතුටු දායක ආරංචියක් දැනගැනීමට හැකි වනු ඇති බවට දැනට විශ්වාස තබා ගැනීමට හැකියාව තිබේ.

යම් සහනයක් ලැබේ නම් එය පක්ෂ , විපක්ෂ මෙන්ම ඉතාලියේ මේ වෙනුවෙන් පෙනි සිටි සියල්ලන්ගේම කැප කිරීම මත.

ඉතාලියේ නිත්‍යානුකූල නොවන ලෙස ජිවත් වන ජනතාව වෙනුවෙන් කරනලද ඉල්ලීමේ ප්‍රතිඵලකී.

-එල්.විජේසිංහ ඉතාලියේ සිට -

සබැදි පුවත‍

ගහෙන් වැටුණු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එම්බසිය අනියි ! (දුක්ගැනවිල්ලක් )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.