ගහෙන් වැටුණු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එම්බසිය අනියි ! (දුක්ගැනවිල්ලක් )

ගහෙන් වැටුණු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එම්බසිය අනියි ! (දුක්ගැනවිල්ලක් )
කොරෝනා වෛරසය පැමිණීමත් සමග ඉතාලි රජය විසින් නිත්‍යානුකූල නොවන ඉතාලිය තුල සිටින විදේශිකයන් නිත්‍යානුකූල කිරිමේ නීතිය මේ වන විට නීතිගත කර තිබේ.
 
ඒ අනුව විදේශ ගමන් බලත්‍රය ලබා ගැනීමට විශාල මුදලක් යුරෝ 420ක්(රුපියල් 80,000 කට වැඩි මුදලක්) තනාපති කාර්යාලය විසින් ඉතාලියේ නිත්‍යානුකූල නොවන අයුරින් රැදීසිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීමට යන බව වාර්තාවේ. 
 
මේ පිළිබඳව ඉතාලි මිලානෝ කොන්සුලර් කාර්යාලයත් තහවුරු කර ඇති බවයි අප වෙත වාර්තා වන්නේ. 
 
ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින විශාල ජනතාවක්  තවත් අසීරු තත්වයකට ඇද දැමීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටීම කණගාටුදායක තත්වයකි.
 
කොරෝනා තත්වය උඩ මේ නිත්‍යානුකූල නොවන මිනිස්සුන්ට ගෙවන්න මෙපමණ මුදලක් තියා උන්ට කන්න වත් මුදල් නැත.
 
ඉතාලි රජයෙන් දෙන කිසිදු ප්‍රථිලාභයක් ඉල්ලුම් කිරීමටවත් ඔවුන්ට නොහැක(ඒ අය නිත්‍යානුකූල නැති නිසා). 
 
ලබන ජුනි 01 වනදා සිට, ජුලි 15 වෙනිදා දක්වා ඉතාලි රජයෙන් මෙම අවස්තාව ලබාදී තිබේ.
 
ඒ සදහා ඉතාලි රජය දඩයක් වශයෙන් යුරෝ 400ක් අය කරනු ලබයි.ඊට අමතරව ඉතාලි රජයට බදු වශයෙන් යුරෝ 500ක් ගෙවීමට සිදුවනු ඇත.
 
එවැනි තත්ත්වයක් උඩ ශ්‍රී ලංකා තනාපති කාර්යාලත් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට යුරෝ 420ක් අයකරන්නේ නම් එය මේ මොහොතේ විශාල අසාධාරණයකී. 
 
මෙවර ඉතාලි රජය විසින් මෙම නීතිය ගෙන එනු ලැබුවේ අවුරුදු 08 කට පසුවය.නැවත කවදා මෙවැනි නීතියක් එයිද කිය කිසිවකු දන්නේ නැත. 
 
කොරෝනා තත්වය උඩ ඉතාලියේ සිටින නිත්‍යානුකූල නොවන ශ්‍රී ලාංකිකයන් හට රැකියා (පාට් ටයිම්) රස්සාවක් වත් කර ගැනීමට හැකියාවක් නැත.එම නිසාවෙන් මෙම අසරණ ශ්‍රී ලාංකිකයන් හට විශාල මුදල් ප්‍රශ්න ගොඩකට මුහුණදීමට සිදුව තිබේ.
 
මේ මොහොතේ රජයේ මැදිහත්වීම මත මේ යුරෝ 420 ක් අය කිරීම නතර කොට, සාධාරණ මුදලක් අය කිරීමට කටයුතු කරණු ඇතැයි එම ජනතාව අපේක්ෂා කරයි.
 
(එල්. විජේසිංහ ඉතාලියේ සිට )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න