නීතියේ රෙස්පට් සාමාන්‍ය ජනතාවට : නිරෝධායන නීති කැඩුවට පස්සේ ඇඳිරි නීතිය දායි !

නීතියේ රෙස්පට් සාමාන්‍ය ජනතාවට :  නිරෝධායන නීති කැඩුවට පස්සේ ඇඳිරි නීතිය දායි !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ආරුමුගම් තොණ්ඩමන් ගේ අභාවය සම්බන්ධ අවසන් කටයුතුවලට නිරෝධායන නීති අදාළ නොවීම ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.

එහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටින්නේ පසුගිය සමයේ කිසිදු අවමගුලක් සඳහා ලබානොදුන් අවස්ථාවක් අමාත්‍යවරයකු සම්බන්ධව විශේෂ කොට ලබාදීම සහ නිරෝධායනය ගැන පාරම්බාන  බලධාරීන් ඒ ගැන මුනිවත රැකීමය.

unnamedතොණ්ඩමන් මළගේ නිරෝධායන නීති කඩලා 

අවම වශයෙන් මේ  සම්බන්ධව කිසිදු අදහසක් දැක්වීමට කොන්දක් ඔවුන් කිසිවෙකුට තිබෙනු දක්නට ලැබුණේ ද නැත.

එපමණක් නොව අන්ත ඊනියා දේශප්‍රේමීන් සහ ඊනියා ජාතිවාදීන් පවා නිහඬව සිට තම ප්‍රෝඩාව තහවුරු කෙරිණ. 

එපමණක් නොව නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ලුතිනන් කොමාන්ඩර් (ස්වේච්ඡා) සුනිල් බණ්ඩාර දොඩම්වල නමැති නිලධාරියා අභාවප්‍රාප්ත වූ  අවස්ථාවේ අවසාන කටයුතු සිදුකළ ආකාරය ගැන ද සමාජ මාධ්‍ය සිහිපත් කර ඇත.

ඒ අදාළ නිලධාරියා මියගියේ  කොවිඩ් 19 වසංගතය නිසා නොව මී උණ නිසා බව සඳහන් කළ බලධාරීන් එහෙත් නාවික හමුදා නිලධාරියා ගේ අවසාන කටයුතු නිරෝධායන නීතිය අනුව කියමින් පැය 24ක් තුළ සිදුකිරීමට නියෝග කිරීමය.

IMG 20200529 WA0001

නුවරඑළියට ඇඳිරි නීතිය !

කෙසේ වුවත් මේ වන විට හෙට (30) නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කර ඇත.

එසේම 31සිට ඉදිරි දින සඳහා මීට පෙර දැනුම්දුන් ආකාරයට කටයුතු කළ යුතු බවත් එහි දැක්වෙයි.

මේ සම්බන්ධව අද (29) නිකුත්කළ අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20200529 192840

ආසාදිතයින් 2500 පැන්නොත් දුෂ්කර තත්ත්වයක් !

මේ අතර  කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප‍්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණෙන සේවක ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට නාවික හමුදාවේ පොකුරට අමතරව විදේශීය රටවලින් මෙරටට පැමිණි අයගෙන් ද තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම පොකුරු නිසි ලෙස කලමණාකාරනය නොකලහොත් රට තුල නැවතත් කොරෝනා දෙවැනි රැුල්ලක් අතිවීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න