Image

සෞදියේදී මරණ දඬුවම නියමවූ සිවරාසා අනෝජන්ගේ පවුලේ අය සජිත් හමුවෙයි!

සෞදියේදී  මරණ දඬුවම නියමවූ සිවරාසා අනෝජන්ගේ පවුලේ අය සජිත් හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුනා.

සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතින් එම පිරිසට අයත් විය.

ඔවුන් සමඟ සිදු කළ සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් සජිත් ප්‍රේමදාස අනෝජන් ගේ නිදහස සම්බන්ධයෙන් රටක් ලෙස අපට ගතහැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කළේය.

ඊට අමතරව දැනට සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් ද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඔහුගේ තත්ත්වය සොයා බැලූ සජිත් ප්‍රේමදාස ඉන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සම්බන්ධ කරගනිමින්, අදාළ නීතිමය තත්ත්වය සහ සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සොයා බැලුවේය.

විදෙස්ගතව සිටිමින් තම රට වෙනුවෙන් ශ්‍රමය කැප කළ ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ නිදහස උදෙසා කළ හැකි උපරිම⁣ දේ සිදු කිරීමටත්, අදාළ පාර්ශව වල අවධානය ඒ වෙනුවෙන් අඛණ්ඩව යොමු කරවමින්, ඔහු නිදහස් කර ගැනීම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සහතික විය.

WhatsApp Image 2026 09 21 at 1.01.33 PM

WhatsApp Image 2026 09 21 at 1.0

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න