මහින්ද සහ ජීවන් : තොණ්ඩමන්ව බෙදාගෙන !

මහින්ද සහ ජීවන් : තොණ්ඩමන්ව බෙදාගෙන !

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ  වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ බව ආණ්ඩු හිතවාදි සමාජ මාධ්‍ය වෙබ් අඩවි මේ වන විට වාර්තා කරන අතර එළැඹෙන සදුදා (ජුනි 01 ) දින අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ දියුරුම් දෙනු ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තොණ්ඩමන් අමාත්‍යවරයා  දරනු ලැබුවේ ‍ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයයි.

මේ අතර තොණ්ඩමන් අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑලිය දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අපේක්ෂකත්වය සඳහා ඔහුගේ  පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් නම් කිරීමට තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න