Language Switcher

V2025

ගල්කිස්සේ මුහුදට ගියේ වැලි විතරද ? එතකොට රුපියල් මිලියන 890 ? : ආණ්ඩුව නිහඬයි ?

"කොරොනා ඇදිරිනිතිය අවස්ථාවෙි ලංකාවෙි සිවිල් නිතිය මෙන්ම පරිසිර නිතියද උල්ලංඝනය කරමින් මෙම වෙරල තීරය ගෙඩකරන ලදී.
 
අඩුම තරමෙි මුහුදෙන් වැලි ගැනීමටවත් පරිසර තක්සේරැ වාර්ථාවක් කර නොමැත. 
 
යමි කිසි ස්ථානයකින් වැලි හරා ගන්නා විට එම අවකාශය සමිපුර්ණ කිරීමට කෙහෙන් හෝ වැලි සොදා ආයුතුය . ඒය නියමය අනුව මුහුදෙන් වැලි රැගෙන ගොඩකරන ලද වෙරළ නැවත කැඩි බිදියමින් ඇත.ගැටලුවකට ඇත්තේ එසේ කැඩෙින්නේ එම ස්ථානයේ පමනක නොව අවට ස්ථාන කිහිපයක්ම මෙි වන විට ඛාදනය වීමට පටන් ගෙන ඇත.   
 
වෙරළ සංරක්ෂ ණ දෙපාර්තමේන්තුව නොදැනුවත්ව මෙිම අනවසර ගොඩ කිරීමි සිදු වුයේ නමි සිවිල් නිතිය හා පාරිසරික නිතිය උල්ලංඝනය  කිරීමෙි වරදට අදාල පාර්ෂවයට දඩුවමි දිය යුතුය.
 
එසේ දඩවමි නොදිමෙන් පෙනීයන්නේ මෙම ජාවාරම සදහා වෙරළ සංරක් සංරක්ෂණය දෙපාර්තමෙින්තුව හෙන්ම රජටේ ප්‍රබලයන් සමිබන්ධ බවය. පරිසර සංරක්ෂණ කාරයන් පරිසරව පෙරට දමා ගන රැගෙන ආ මෙතෙක් පැවති ආන්ඩුව  සිදිකලේ මෙවන් විනාශයන්මය. 
 
ආන්ඩු බලය ඇති උන් නති කඩනවානමි අපටත් ඇත්තේ පොදු යහපත උදේසා නති කැඩිම පමණි."
 
ඉහත සටහන පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබිණ.
 
එසේම ඔහු ඊට අදාළ තවත් සටහනක් යොදා තිබිණ.
 
Screenshot 20200531 115414
 
ගල්කිස්ස සුන්දර මුහුදු වෙරළ අසුන්දර කළ බැලූ බැල්මට අන්ත දූෂිත ක්‍රියාවක් බව පෙන්වන, කිසිදු පාරදුෂ්‍ය භාවයක් නොමැතිව ඇඳිරි නීතිය සමයේ සිදුකළ මේ ඇන්දිල්ල සම්බන්ධව නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද සිය ෆේස්බුක් ගිනුමේ මෙවැනි සටහනක් තබා තිබිණ.
 
වැල්ලේ තැනූ මාලිගා - නීතිඥ  උපුල් කුමාරප්පෙරුම 
 
ගිය වියදම රුපියල් මිලියන 890ක් ලු. ව්‍යාපෘතිය ආරම්භ වන්නේ කොරෝනා ඇඳිරිනීතිය සමයෙ. අද තත්වය පින්තූරවලින් පේනව. ගොඩකල මුහුද, මුහුදටම ගිහින්. කොරෝනා නිසා ආර්ථිකය පල්ලම් බැස්ස, රජයේ සේවකයන්ගේ වැටුපත් ආණ්ඩුවට ඉල්ලුව, බොහෝ අය පුලුවන් විදියට දුන්න, එහෙම බකල ගහන ආර්ථිකයක් ඇති වෙලාවක ආරම්භ කල වැඩක් මේක. 
 
ව්‍යාපෘතියට වෙන්වූ මුදල් වලින් කලේ කියල ගැලවෙන්න කියාවි. ව්‍යාපෘතියට වෙන්වුවත් මේව රටේ ජනතාවගෙ මුදල්. ඒ මුදල්වලට ආණ්ඩුව වගකියන්න ඕන, වග වෙන්න ඕන. මෙහෙම විනාශයක් වෙන්නෙ නියම ක්‍රමවේදය අනුගමනය නොකලාම වෙන්න ඕන. 
 
නියම ක්‍රම වේදය අනුගමනය කලා කියල කියන්න එපා, එහෙම නම් පුරවන්න ගත්ත තීරණයෙ වැරැද්දක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ව්‍යාපෘතියෙ කුමක් හෝ තැනක බරපතල දෝශයක් තියෙනව කියන එක. 
 
දැඩි තීරණ ගන්න ආපු ජනාධිපතිතුමාට,ඔහු එසේ කරන බවට අපට කියූ මිත්‍රයන්ට  දැන් වැඩක් තියනව; මේ ව්‍යාපෘතියට අදාල ටෙන්ඩර් කමිටුව,තාක්ෂණික ඇගයීම් කමිටුව, අනෙකුත් වගකිව යුතු නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සියලුදෙනාගෙන් මේගැන විමසන්න; අතපසු වීම්, දූෂණයන් සොයා ගෙන වගකිව යුතු අය නීතිය ඉදිරියට ගේන්න. ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න, මහජන මුදල් සමග මේ විදියට සෙල්ලම් කරන එක නවත්තන්න කටයුතු කරන්න.

FB IMG 1590904368513