සයිබර් ප්‍රහාර එල්ලවුණු බව ඇත්ත : ඒත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා !

 සයිබර් ප්‍රහාර එල්ලවුණු බව ඇත්ත : ඒත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා !

මෙරට රාජ්‍ය වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පිළිගෙන ඇත.

ඒ බව සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවැනි සයිබර් ප්‍රහාර සඳහා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදිය යුතු නැති බවය.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කළ එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20200531 123553

මේ අතර ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ද  අදාළ සයිබර් ප්‍රහාර සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

යල්පැනගිය වෙබ් අඩවි පැවතීම සයිබර් ප්‍රහාරකයන්ට අත වැනීමක් !

ඉදිරියේදී සයිබර් ප්‍රහාරවලට ඉතා පහසුවෙන් ගොදුරුවියහැකි රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් හදුනාගැනීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. 

විශේෂයෙන්ම බොහොමයක් වෙබ් අඩවි යල්පැනගිය වසර පහකට වඩා කාලයක් තිස්සේ යාවත්කාලීන නොකරන ලද ඒවා බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිවිය. විශේෂයෙන්ම යම් වෙබ් අඩවි අවසන්වරට යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදී පමණ වේ.

මෙසේ යල්පැනගිය වෙබ් අඩවි පැවතීම සයිබර් ප්‍රහාරකයන්ට අත වැනීමක් වන අතර මෙම වෙබ් අඩවි පිලිබදව උනන්දුවක් දැක්වීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරනු ලබන්නේ එම වෙබ් අඩවි වලට යම් ආකාරයක් සයිබර් ප්‍රහාරයක් එල්ලවූ විටදී පමණක් වීම කණගාටුවකට කරුණකි. සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල නව නීති සම්පාදනය වන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

TECF නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම විසින් අද (30) රාජ්‍ය වෙබ් අඩවි තුනක වෙබ් පිටු Defacement කිරීමක් සිදුකොට ඇති අතර මේ සමගම TECF සයිබර් ප්‍රහාරක කණ්ඩායම මේ වසරේදී (2020) සිදුකරනු ලැබූ සයිබර් ප්‍රහාර ගණන අටක් දක්වා ඉහල යනු ඇත. අද දින එල්ලවූ සයිබර් ප්‍රහාරයේදී සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශයේ වෙබ් අඩවියද ගොදුරු වූ බැවින් ජනතාවට අත්‍යවශ්‍ය වෙබ් අඩවි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අදාළ බලධාරීන් දැනුවත් කරමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න