මහ බැංකු නිලධාරීන්ට ජනාධිපති බැන්නට : අවුල මුදල් මණ්ඩලයේ !

මහ බැංකු නිලධාරීන්ට ජනාධිපති  බැන්නට : අවුල මුදල් මණ්ඩලයේ !
මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රශ්න කරයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර ඊට පදනම් කරගෙන ඇත්තේ ඊයේ (16) රටේම අවධානය යොමුවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකු නිලධාරීන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
 
මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? 
 
මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monitory Board) ට යි.  එය මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.  
 
උපුටා ගැනීම //ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. // උපුටා ගැනීම අවසන්. 
 
ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ පුටුවල වාඩිවී  සිට මහ බැංකුවේ නිලධාරීන් සිදු කරන්නේ, මුදල් මණ්ඩලය විසින් ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කිරීම යි.  1949 අංක 58 දරණ මුදල් නීති පනත නැත්තම්, ලංකාවේ නීතියට අනුව නම් විය යුත්තේ ද එයයි. 
 
නීතිය හා ප්‍රායෝගිකව ධනාත්මක ප්‍රතිඑලයක් ලබා ගැනීමට නම්, ජනාධිපතිවරයා ‘මුදල් මණ්ඩලයේ‘ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම වඩා යහපත් විය හැකිව තිබුණි.   මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් ලබාදීමේ නෛතික බලය ඇත්තේ ඔවුන්ට බැවිනි.  උපදේශකයා  (මුදල් මණ්ඩලය) ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කළ පසුව, තවදුරටත් රජයට (හෝ රාජ්‍ය නායකයාට) උපදෙස් දීමට හැකියාවක් පැවතිය නොහැකිය.    
 
මුදල් මණ්ඩලයේ පුරවන්නේ නැති පුරප්පාඩු
 
දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්.ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත. 
 
සැබවින්ම, අප ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ අන්තර්ගතය දන්නේ නැත. නමුත්, ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූ කරනු අනුව නම්, ‘‘මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා වගකිව යුතු මුදල් මණ්ඩලය‘‘  පසෙක තබා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට චෝදනා කිරීම යහපත් නැතැ යි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති   තෙන්නකෝන්  නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න