Language Switcher

V2025

වන් මෑන් ෂෝවලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ : ජවිපෙ මහ ලේකම් ටිල්වින් !

“අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙන එක ඇත්ත. ඒක කොරෝනාව නිසා ඇතිවුණු දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු 72ක් පුරා ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවුණු දෙයක්. කොරෝනා නිසා අර්බුදය වැඩිවීම විතරයි වුණේ. ඒ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් නිෂ්පාදනය වැඩිකර නාස්තිය දූෂණය අවම කරන්න ඕනෑ. නමුත් ආණ්ඩව කරන්නේ ජනතාව මත බර පටවන ගමන් ගල්කිස්සෙ මුහුදු වෙරළ ගොඩකිරීම වගේ නාස්තිකාර වියදම්වලට විශාල වශයෙන් මහජන මුදල් යෙදවීමයි. මේ සම්බන්ධයෙන් වගකියන්න කිසිවෙක් නැහැ. ඒ නිසා මේ ඡන්දය වැදගත් වෙන්නේ ජනතාවට සහන නොදෙන ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ පත්කර යැවීමටයි. ඒ වෙනුවෙන් විශාල පිරිසක් නැහැ. ජාතික ජන බලවේගෙයෙන් ඉදිරිපත් කර තිබෙන අපේක්‍ෂක කණ්ඩායම විතරයි ඉන්නේ. ඒ වගේම ජනතාව මුහුණ දී සිටින සමාජ ආර්ථික ප්‍රශ්න ‘වන් මෑන් ෂෝ’ වලින් ගොඩදාන්න බැහැ. ඒකෙන් වෙන්නේ මුළු රටම වළ පල්ලට යන එක. මේ දවස්වල ජනතාවට එන විදුලිය සහ ජල බිල්ද දෙගුණ තෙගුණ වෙලා. මෙහි වැරැද්දක් තිබෙන බව ඇමතිවරයාත් පිළිගත්තා. නමුත් වැරැද්ද හදන්නේ නැහැ. පුද්ගලික අංශයේ රැකියා 25-30% අතර අහිමි වෙයි කියලා ගණන් බලලා තිබෙනවා. ජනතාව මත මේ පීඩනයන් එන්නේ රැකියා අහිමිවී ආදායම් පහත වැටෙමින් තිබෙන තත්වයක.” යැයි ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් ගණකාධිකාරී අනිල් ජයන්ත ප්‍රනාන්දු ද එක්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසීය.

“ජාතික ජන බලවේගය මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වී සිටින භාණ්ඩ මිල වැඩිවීම ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේ මොහොතේ රට ඉන්නේ මැතිවරණයක් අභියසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා වැඩිපුරම කතා කළේ ජනතාව පීඩාවට පත්වී සිටින ආර්ථික පීඩනයන් පිළිබඳව. නමුත් මෙම මැතිවරණයේදී ඒ ගැන අවධානය යොමු නොකර ජාතිවාදය අවුස්සන, නිලධාරීන්ට බනින, වෙන ප්‍රශ්න මතුකරමින් සමාජයේ ඇත්ත ප්‍රශ්න යට කරගෙන යන තත්වයක් තියෙන්නේ. ආණ්ඩුව බලයට පත්වූවාට පසු ආර්ථිකය ගොඩනැගිලා නැහැ. ජනතාවට රැකියා ලැබිලා නැහැ. බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය වෙලා නැහැ. විනය හදලා නැහැ. මේ නිසා ඒ සියලු දේවල් යට කරමින් වෙන වෙන උපක්‍රම පාවිච්චි කරමින් ආණ්ඩුවේ පව් නිලධාරීන් මත පටවලා ඇඟ බේරා ගැනීමේ උත්සාහයක ඉන්නවා.

දෙනවා කිව්ව සහන වෙනුවට ගැසට් පත්‍ර හරහා භාණ්ඩ මිල වැඩි කරනවා !

ජනතාවට විශාල වශයෙන් දෙනවා කිවුව සහන වෙනුවට ගැසට් පත්‍ර නිකුත් කරමින් භාණ්ඩ මිල වැඩිකරනවා. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත යොදාගෙන මුදල් ඇමතිවරයා ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බදු පටවමින් ඉන්නවා. මැයි මාසයේ 22වැනිදා ඉඳලා ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 26කට අයත් අත්‍යවශ්‍ය භාණ්ඩ 70කට වැඩි ප්‍රමාණයක බදු වැඩිකරලා. අර්තාපල් සහ ළුෑණුවලට රු. 50 බැගින්, වියළි මිරිස්වලට රු. 100, මිරිස්කුඩුවලට රු. 125, සීනිවලට රු. 50, සැමන්වලට රු. 100ක බද්දක් වශයෙන් විශාල බදු ප්‍රමාණයක් අලුතින් පටවා තිබෙනවා. කර්මාන්ත බිඳ වැටිලා, රස්සාවල් අහිමි වෙලා, ආදායම් මාර්ග ඇන හිටලා, ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවක භාණ්ඩ මිල වැඩිකළා. මේ ආණ්ඩුව විශේෂයෙන් සැමන් සහ පරිප්පු එක්ක දේශපාලන සටන්පාඨ ඉදිරිපත් කළා. හැබැයි කොරෝනා එන්නත් කලින් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන්න කලින් රට තුළ අඩුකරන්න කියන බලපෑම ආවා. නමුත් ආණ්ඩුව කීවේ තෙල් මිල අඩුකිරීමේ වාසිය වාහන තියෙන අයට විතරක් යන නිසා ඒ අඩු කිරීමේ වාසිය නොදී සැමන් සහ පරිප්පු මිල අඩු කරලා මුළු ජනතාවටම සහනය දෙනවා කීවා. කොරෝනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතූ කතාවේදී මේ බව නිවේදනය කළා. හැබැයි දැන් සැමන් ටින් එකට රු. 100ක බද්දක් ගහලා. රු. 65ට දෙන්න කථා කළ පරිප්පු අද වෙළඳපොළේ රු. 160යි. සීනි කිලෝඑක රු. 150යි. මේ විදිහට විශාල බදු ප්‍රමාණයක් ජනතාවට පටවලා. මේ ආණ්ඩුවට බඩුමිල අඩු කිරීමේ දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැහැ.

හාල් ප්‍රශ්නයේදී ගෝඨාභයට වඩා ඩඩ්ලි බලවත් !

ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බව ඔප්පු කරන්න හොඳම උදාහරණය ජනාධිපතිවරයාම මැදිහත් වී හාල් මිල අඩු කිරීම ගැන ගෙන ගිය ප්‍රචාරයයි. සහල්වල උපරිම මිල රු. 90ට තීරණය කරලා කෙටි කාලයකින් හමුදාවෙන් පත් කරපු නිලධාරී කණ්ඩායමක් කුඩා ව්‍යාපාරිකයන් වැටලීමට ගියා. ඊට පස්සේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ළඟට ගිහින් එයාගේ පැහැදිලි කිරීම අහගෙන ඇවිල්ලා රු. 98ට හාල් මිල වැඩි කරලා ගැසට් එකක් ගැහුවා. දුරදිග දකිනවා කී ජනාධිපති වැඩ කරන්නේ මේ විදිහට. ඇත්තටම ගත්තොත් සහල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වැඩිය ඩඩ්ලි සිරිසේන මහත්තයා බලවත් බව ඔප්පු කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහල් මාෆියාවත් එක්ක සටනක් කරලා මිල අඩු කරලා දෙන්නවත් බැහැයි කියන එක මේකෙන් ඔප්පු කළා. අපේ රටේ තෙල්මිල සම්බන්ධයෙන් ප්‍රශ්නය ජනතාවට බලපා තිබෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී විශාල ආදායමක් ආණ්ඩුව ලබනවා. වරායෙන් රු. 41ට ගොඩබාන පෙට්‍රල් මිල අපේ රටේ රු. 137 දක්වා ඉහළ මට්ටමක තිබෙන්නේ. මේ වෙලාවේ ජනතාවට සහනයක් දෙනවා නම් හැම දේකම මිල අඩු කරන්න පුළුවන් මූලිකම දේ ඉන්ධන මිල අඩු කිරීම. තෙල් මිල අඩු කළොත් ඒ සමග ගැට ගැසී තිබෙන භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක මිල අඩු කරන්න පුළුවන්.

අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙන එක ඇත්ත. ඒක කොරෝනාව නිසා ඇතිවුණු දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු 72ක් පුරා ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවුණු දෙයක්. කොරෝනා නිසා අර්බුදය වැඩිවීම විතරයි වුණේ. ඒ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් නිෂ්පාදනය වැඩිකර නාස්තිය දූෂණය අවම කරන්න ඕනෑ. නමුත් ආණ්ඩව කරන්නේ ජනතාව මත බර පටවන ගමන් ගල්කිස්සෙ මුහුදු වෙරළ ගොඩකිරීම වගේ නාස්තිකාර වියදම්වලට විශාල වශයෙන් මහජන මුදල් යෙදවීමයි. මේ සම්බන්ධයෙන් වගකියන්න කිසිවෙක් නැහැ. ඒ නිසා මේ ඡන්දය වැදගත් වෙන්නේ ජනතාවට සහන නොදෙන ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ පත්කර යැවීමටයි. ඒ වෙනුවෙන් විශාල පිරිසක් නැහැ. ජාතික ජන බලවේගෙයෙන් ඉදිරිපත් කර තිබෙන අපේක්‍ෂක කණ්ඩායම විතරයි ඉන්නේ. ඒ වගේම ජනතාව මුහුණ දී සිටින සමාජ ආර්ථික ප්‍රශ්න ‘වන් මෑන් ෂෝ’ වලින් ගොඩදාන්න බැහැ. ඒකෙන් වෙන්නේ මුළු රටම වළ පල්ලට යන එක. මේ දවස්වල ජනතාවට එන විදුලිය සහ ජල බිල්ද දෙගුණ තෙගුණ වෙලා. මෙහි වැරැද්දක් තිබෙන බව ඇමතිවරයාත් පිළිගත්තා. නමුත් වැරැද්ද හදන්නේ නැහැ. පුද්ගලික අංශයේ රැකියා 25-30% අතර අහිමි වෙයි කියලා ගණන් බලලා තිබෙනවා. ජනතාව මත මේ පීඩනයන් එන්නේ රැකියා අහිමිවී ආදායම් පහත වැටෙමින් තිබෙන තත්වයක.

දෙනවා කියූ කොරෝනා සහන කෝ ?

කොරෝනා නිසා ප්‍රශ්න මතුවී තිබෙන විවිධ අංශවලට සහන දෙන්න ආණ්ඩුව කථා කළා. කථාව දෝලාවෙන්-ගමන පයින් වගේ මහපොළොවේ මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරන ජනමාධ්‍ය නිවේදනවල 4% අඩු පොලී ණය දෙන බව, ලීසිං වාරික මාස 3කට සහනයක් දෙන බව වගේ දේවල් කියනවා. මේ නිවේදනවලින් හරි ප්‍රකාශවලින් හරි බැංකුවලට මේ කටයුතු ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් අදාළ නිර්දේශ නිකුත් කරලා මහ බැංකුව, අනෙකුත් බැංකු, ලීසිං සමාගම්වලට චක්‍රලේඛ යවන්න ඕනෑ. නමුත් දැන් කරන්නේ බැංකුවලට ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීම නොකර ජනප්‍රියත්වයට මාධ්‍ය හමුවේ කතා කිරීම විතරයි. ත්‍රී වීල් රථ සංගමයේ සභාපතිවරයා ඝාතනය කළේ ලීසිං ප්‍රශ්නයක් කතා කරන්න ගියාම. ලීසිං සහනයක් වන බව ආණ්ඩුව හැදුව විශ්වාසය මත කටයුතු කරන අය මහ පාරේදී ඝාතනය කරන තත්වයක් ඇතිවෙලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න සමත් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් සමාජයෙන් විවේචන එනකොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වරද හදා ගන්නවා වෙනුවට නිලධාරීන් ගෙන්වා ප්‍රසිද්ධියේ බැන වදිනවා. නිලධාරීන්ගේ ආත්ම ගෞරවය නැතිකරනවා. වරදක් කළ නිලධාරියෙක් සම්න්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ. ඒ මිස ජනාධිපති බලය පාවිච්චි කරලා තමන් ළඟ වැරැද්ද තියාගෙන ප්‍රසිද්ධියේ බනිනවා. තමන්ගේ තීරණය ක්‍රියාත්මක නොකරනවා නම් පළවැනිව මුදල් ඇමතිට, ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. ඊළඟට ඒ ලේකම්වරයා පත්කළ ජනාධිපතිවරයාට වගකීම පැවරෙනවා. හරිනම් කරන්න ඕනෑ ජනාධිපතිවරයා තමන්ටම බැණ ගැනීමයි. එහෙම නොකර නිලධාරීන්ට බැන වැදීම රාජ්‍ය පාලනය නොවේ.

අපේ රට ලෝකයට ණය බව කවුරුත් දන්නවා. එක පුරවැසියෙක් රු. ලක්‍ෂ හයකට වැඩි ණය බරක් තියෙනවා. එහෙම තියෙද්දී තව ණය ගන්නත් විවිධ සැලසුම් සකස් කරනවා. රට ලෝකයට ණය වෙලා තියෙද්දී ලංකාවේ ජනගහනය රට ඇතුළේ විශාල වශයෙන් ණයයි. ග්‍රාමීය දිළිඳු ජනතාව විශාල වශයෙන් ණයයි. සමස්ත ග්‍රාමීය ජනතාවගෙන් 70%ක් විතර ණයයි. ඔවුන් විශාල වශයෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් රු. 10,000, සහ රු. 15,000 වගේ කුඩා ප්‍රමාණවලින් ලබාගත් ණය පවා ගෙවාගන්න බැරුව ඉන්නේ. ක්‍ෂුද්‍ර මූල්‍ය ගත්ත අය 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණක් සියදිවි නසාගෙන. සමහර ආයතනවල පොලිය 200%, 250% වගේ ඉහළම මට්ටමක තියෙන්නේ. සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා කරගෙන යන මේ ආයතන මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ. මේවා පාලනය කරන්න කවුරුත් නැහැ. මහ බැංකුවම හෙළිකර තිබුණේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතන 11,100ක් තියෙන බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න පියවර මොකක්ද? ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය ඛේදවාචකයෙන් අපේ රටේ ජනතාව බේරා ගන්න කියලා ආණ්ඩුවට අපි බල කරනවා.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දුර්වලයි. මහ බැංකුව යටතේ තිබුණු ද ෆිනෑන්ස් සමාගම කඩා වැටීමෙන් බේරා ගන්නවත් පහුගිය ආණ්ඩු කිහිපයටම බැරි වුණා. බදු බර අඩු කරන්න බැරි, ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවක් මේක. පිළිවෙළක් නැති, අරමුණක් නැති පාලනයේ ප්‍රතිඵලය හැටියට සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා. ඒ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ බදු බර අඩු කරන තෙල් මිල අඩු කරන, ජනතාවගේ සහන වෙනුවෙන් පාර්ලිමේන්තුවෙත් මහ පාරෙත් සටනක් කළ හැකි පිරිසක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අරගල කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ප්‍රබල නියෝජනයක් ඊළඟ පාර්ලිමේන්තුවේ හදන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම ජනතාව මත පටවා තිබෙන ආණ්ඩුවේ පීඩනයට විරෝධය පළ කරන්න ඉදිරියට එන්න කියලා අපි ඉල්ලනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු ලබාදෙමින් !

“මහ බැංකුව වගේ ආයතනවලට නිල ලෙස මැදිහත් වෙනවා වෙනුවට කඩා පනිමින් යන ජනාධිපතිවරයා තමන්ගේ කාර්යභාරය හඳුනා නොගැනීම සහ තනි මතයට වැඩ කරන්න ගියාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තිබෙන රටක බරපතළ තත්වයක් ඇතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒ අඩුපාඩුකම් හදන එක පාර්ලිමේන්තුවේ වගකීමක්. නමුත් ව්‍යූහයේ අඩුපාඩුකම් මතු කරමින් ජනාධිපතිවරයා ව්‍යූහයට පිටින් වැඩ කිරීම බරපතළ තත්වයක්. උදාහරණයක් හැටියට මේ වෙනකොට ජනාධිපති විශේෂ කාර්යසාධක බලකා ගණනාවක් පත්කර තිබෙනවා. මේ කාර්යසාධක බලකාවලින් කරන්නේ පවතින ව්‍යූහයට පිටින් වැඩ කිරීමයි. ජනප්‍රියත්වයට ලකුණු දාගන්න දේශපාලන වගකීමක් නොදැරීම බරපතළ තත්වයක් බව අපෙ රටේ ජනතාව තේරුම් ගන්න වෙයි. වන් මෑන් ෂෝවලින් මේක ගොඩදාන්න බැහැ.

ඕනෑම ප්‍රශ්නයකට වගකිව යුතු දේශපාලනඥයා ඉවත් වෙලා නිලධාරීයෙකු මත වගකීම් පැටවීම දැන් ක්‍රමවේදය බවට පත්වෙලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් එකට හිටපු අගමැති, හිටපු ජනාධිපති ගේන්න ඕනෑ නැද්ද? එහෙම නොකර හිටපු පොලිස්පති තුමයි ආරක්‍ෂක ලේකම්වරයයි විතරක් ගෙන ඒම තමන්ට දඩයම් කරන්න ඕනැ කරන අයට චෝදනාව පටවලා ඇත්ත වගකීම ගන්න ඕනෑ අය පැත්තකට වීමයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කොමිසමට ගේන්නේ නැහැ. ඒකට හේතුව මහින්ද රාජපක්‍ෂ මහත්තයලා ඡන්දේ ඉල්ලන පක්‍ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිසා. මහ බැංකු වංචාවේ චූදිතයෝ ගේන්නෙත් නැහැ. එකම අපරාධ කණ්ඩායමක් එකු වෙලා තම තමන් ආරක්‍ෂා වෙමින් තමන්ට ප්‍රශ්නයක් වන අය මත වරද පටවමින් යනවා.

මහ මැතිවරණය අවසන්වූ සැනින් MCC අත්සන් කරනවා !

මැතිවරණයෙන් පස්සේ එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා එක්සත් ජනපද නිලධාරියෙක් සඳහන් කර තිබුණා. එම්.සී.සී. ගිවිසුම බරපතළ එකක් තමයි. හැබැයි ජනාධිපතිවරණයේදී ඒක තවත් අතිශෝක්තියට නඟලා කථා කළා. නමුත් මේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ ගමන්ම මේක අත්සන් කරන බව අපිට පැහැදිලියි.

ජනාධිපති කොමිසම ඉස්සරහ ඇවන්ගාඞ් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අනුර සහෝදරයාත් සාක්‍ෂිකරුවෙකු ලෙස කැඳවන බව සඳහන් වෙනවා. මේ කොමිසමට යන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. අපි කිසිම චෝදනාවක් සාක්‍ෂි නැතිව ඉදිරිපත් කරන්නේ නැහැ. ඔප්පු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සාධක අපි ළඟ තියෙනවා නම් විතරක් යම් කිසි පැමිණිල්ලක් කරනවා. අපි සැක මත පැමිණිලි කරන්නේ නැහැ. ඒ නිසා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් සම්බන්ධ ඇවන්ගාඩ් සම්බන්ධ පැමිණිල්ල සම්බන්ධයෙන් සියලු සාක්‍ෂි අරගෙන අපේ නීතිඥ මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”