රටම ආර්ථික අර්බුදයක ගිලෙද්දී ලුණු සභාපති සංස්ථාවේ මුදලින් ලක්ෂ 2ක දුරකතනයක් -ජවිපෙ

රටම ආර්ථික අර්බුදයක ගිලෙද්දී ලුණු සභාපති සංස්ථාවේ මුදලින් ලක්ෂ 2ක දුරකතනයක් -ජවිපෙ

කොරෝනා වසංගතය හේතුවෙන් රටම ආර්ථික අර්බුදයක ගිලෙද්දී ලු‍ණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ විසින්  සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ජංගම දුරකතනයක් මිලදී ගෙන ඇතැයි තංගල්ල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී චින්තක කැළුම් අනාවරණය කරයි.

ඔහු මේ බව අනාවරණය කළේ පසුගිය 16 වනදා  පැවැති තංගල්ල නගර සභාවේ ජූනි මස සභාවාරයේදී ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ලු‍ණු සංස්ථාවේ සභාපති ලු‍ණු සංස්ථාවේ මුදල් රුපියල් ලක්ෂ දෙකකින් ජංගම දුරකතනයක් මිලදී අරගෙන තිබෙනවා. අපේ රටේ ජනාධිපති තමන්ගේ මාස තුනක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළා. නමුත් එතුමා පත්කළ නියෝජිතයෙක් මෙහෙමයි කරන්නේ. මේවා සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කතා කරන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට මේවා පේන්නෙ නැද්ද? මෙතුමා සමඟ පත්කළ අනිත් අධ්‍යක්ෂවරුත් මේවා අනුමත කරනවාද?

ලු‍ණු ලේවාය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපිට තිබෙන ජාතික සම්පතක්. සභාපතිවරයකුට දුරකතනයක් ගන්න අයිතියක් තිබුණත් ලක්ෂ දෙකක දුරකතනයක් ගැනීම ගැටලුවක්.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු රාජ්‍ය ආයතන සහ සංස්ථාවලට ප්‍රධානීන් පත් කිරිම සඳහා වියත්මග සංවිධානයෙන් කමිටුවක් පත් කළ අතර උක්ත සභාපතිවරයාද පත් කරන ලද්දේ එම කමිටුව මගිනි.

(මූලාශ්‍රය - lankatruth.com  )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න