ජන්දය තියා මහින්දලාට මුස්ලිම් ජනතාවගෙන් බුරියානිවත් නෑ - මුජිබර්

ජන්දය තියා මහින්දලාට මුස්ලිම් ජනතාවගෙන් බුරියානිවත් නෑ - මුජිබර්
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට ද පිටුපාමින් කොරෝනා මරණ ආදාහන කිරීමට ගත්  තීරණය නිසා  මහින්දලාට මෙවර  මුස්ලිම් ජනතාවගෙන්  ඡන්දය තබා බුරියානි වත් ලැබෙන්නේ නැතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ සංවිධායක මුජුබර් රහුමාන්  කොළොන්නාවේදී  පැවසීය.
 
මුස්ලිම් ජනතාවගේ ඡන්ද වගේම බුරියානිත් දැන් තම පක්ෂයට ලැබෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  දෙහිවල පැවති මුස්ලිම් සම්මේලනයකදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හිටපු මන්ත්‍රී  මුජුබුර් රහුමාන් මේ බව කීය.
 
මෙගොඩ කොලොන්නාව ඒ පැවති ජන හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු මන්ත්‍රී  මුජුබර් රහුමාන්,
 
කලින්නම් මුස්ලිම් ජනතාව මහින්දලාට බුරියානි හරි දුන්නා.ඒත් මේ පාර තත්ත්වය ඊට වෙනස්.කොරෝනා වසංගතය තුරන් කිරීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ සියලුම රටවල් පිළි ගත්තා .ශ්‍රී ලංකා වත් එම නිර්දේශ වලින් එකක් හැර අනෙක් සියල්ල පිළිගත්තා .
 
කොරෝනා මරණ  අවසන් කටයුතු කිරීමේදී ආදාහනය හෝ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශය නිකුත් කර තිබුණා.එහෙත් ශ්‍රී  ලංකා රජය කොරෝනා මරණ භූමදාන කරන්නට ඉඩ දුන්නේ නැහැ.එම තීරණය නිසා මුස්ලිම් ආගම අදහන ජනතාවට විශාල සිත් වේදනාවක් ඇති වුණා .
 
කලින් නම් මුස්ලිම් ජනතාව මහින්දලාට ඡන්දය නුදුන්නත් බුරියානි ටිකක් හරි දුන්නා.ඒත් දැන් මුස්ලිම් ජනතාව මහින්දලාට බුරියානි දෙන්නෙත් නෑ.ඡන්දය දෙන්නෙත් නෑ.."
 
(අංජුල මහික වීරරත්න)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න