කොරෝනා ප්‍රතිඵල නිකුතුව කඩින් කඩ : ඊයේ 56 යි - අද 196 යි !

කොරෝනා ප්‍රතිඵල නිකුතුව කඩින් කඩ : ඊයේ 56 යි - අද 196 යි !

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී ඇති බව වාර්තා වෙයි.

අද (10) සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්  පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ පීසීආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එසේම අදාළ කාලය තුළ, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්, පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනාගනිමින් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ආගිය පිරිස් හා ඔවුන් ඇසුරු කළ පිරිස් සොයා ආරක්ෂක බුද්ධි අංශ විසින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

පසුගිය දිනවල දී මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට දෙමාපියන් හා පවුල්වල සාමාජිකයින් 300කට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ පෙදෙස්වලින් පැමිණ ඇතැයි වාර්තා වන අතර ඔවුන් සොයා රාජ්‍ය බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

 FB IMG 1594290361523

images

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න