ඩුප්ලිකේට් Tik Tok වෙතින් පරිස්සම් වෙන්න !

ඩුප්ලිකේට් Tik Tok වෙතින් පරිස්සම් වෙන්න !

TikTok සමාජ මාධ්‍ය යෙදුමට සමාන TiktokPro නමින් හදුන්වන අනිෂ්ට යෙදුමක් ජංගම දුරකතනවල ස්ථාපනය කොට එම පරිශීලකයන්ගේ දත්ත සොරකම් කිරීමට තැත් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මෙම අනිෂ්ට යෙදුම ඔබගේ ජංගම දුරකතනයට භාගතකරගන්නා ලෙස දක්වන ලද පණිවිඩ හුවමාරු වන අතර https://mytiktokpro.weebly.com යන වෙබ් අඩවිය හරහා TikTok ජංගම දුරකථන යෙදුම ලබාගැනීමට කටයුතු කරන ලෙස ව්ට්සැප් කරහා හුවමාරුවන පනිවිඩයෙහි වැඩිදුරටත් දැක්වේ.

බොහෝ ශ්‍රී ලාංකික තරුණ පිරිසක් TikTok සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කරන බැවින් බොහෝ තරුණයින් ප්‍රමාණයකගේ පෞද්ගලික දත්ත මෙම අනිෂ්ට මෘදුකාංගය මෙහෙයවන කණ්ඩායම සතුවිය හැකිය.

මේ හේතුවෙන් ජංගම දුරකථන යෙදුම් ස්ථාපනය කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් තරුණ ප්‍රජාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න